EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sonu Ke Titu Ki Sweety (2018) | මගෙ පණ වගෙ යාළුවගේ පණ වගෙ කෙල්ල.

මේම චිත්‍රපටය ගැන කිවුවොත් මෙය IMBD 7.5 ක් ගෙන තිබේන චිත්‍ර පටයක්.ඒ කියන්නේ එල කතාවක්. ඉතාම රසබර කොමඩියක් කම්මැලිකමක් නැතුව එක දිගටම පැය දෙකයි කාලක් විතර ගලාගෙන යනවා. ලස්සන සින්දු ටිකකුත් තියනවා.ඒ වගේම කතාව අස්සේ හැමෝටම ජීවිතේ මුහුන දෙන්ඩ වෙන යතාර්ථයක් ගැනත් ලාවට කතාවෙනවා. ස්වීටිගේ තියරියෙන් කියනවා නම්..”යාලුවයි කෙල්ලයි අතරේ සටනින් හැදදාම දිනන්නේ කෙල්ල”.මගේ පුත්ගලික හැගීම නම් කතාවේ අවසානය මීට වඩා රසබර අරුත් බර කරන්ඩ තිබුනා..කොහොම නමුත් මගේ අදහස් කාටවත් වැඩක් නෑනේ…අපි කතාව පැත්තට ටිකක් හැරෙමු. සෝනුයි ටිටූයි කියන්නේ එලකිරි යාලුවෝ දෙන්නේක්.ඉතින් බොක්කම තමා.දෙන්නගේ අම්මලත් පවුල් දෙකත් එහෙම තමා යාලුයි .සෝනුගේ අම්මා නැතිවෙනවා එයා පොඩි කාලේම ටිටූගේ එලම යාලුකමට ටිටූගේ ගෙදර තමා සෝනු හැදෙන්නේ .ඒ නිසා දෙන්නා සහොදරයෝ වගේ තමා ඉන්නේ. ගෙදර ඇත්ත පුතා විදිහට පේන්නේ නම් සෝනු වගේ ඒතරමට ම සෝනුව බලාගන්නවා.ටිටූ පට්ට අවංක චරිතයක් ඒ වගේම් පොඩ්ඩක් මෝඩයි අන්දන්ඩ ලේසී. ඉතින් ටිටූගේ කෙල්ල ටිටූව නම්මගෙන අඩවනවා ලෙසටම.සෝනු ඒක කොහොම හරි කඩලාදාලා අලුතින් කෙනෙක් හොයලා දෙනවා..කෙල්ලත් හොදයි (මටනම්) බදින්ඩ යනවා.නම ස්වීටි. ඉතින් ඔක්කොම කිවුවහම බලන්ඩ දෙයක් නැතිවෙයි ඔයාලට . ඉතින් අපි බලමු ටිටූට හැමපැත්තෙන්ම දෙන වද , තුන් පැත්තෙන්ම මිරිකිලා අන්තිමට ටිටූට මොනවා වෙයිද? ටිටූ කාටද?

 

ලින්ක්

Comments

April 21, 2024

good