EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

100 Yards (2023) | “යාර 100”

වසර ගණනාවක ඉතිහාසයක් සහ ගෞරවයක් හිමි වූෂු සටන් කලා ඇකඩමියක්… එහි පාලනය සහ අනාගතය තීරණය කිරීමේ වගකීම දැන් රැඳී ඇත්තේ තීරණාත්මක ද්වන්ධ සටනක් මතයි. මේ සටන දිගහැරෙන්නේ එකිනෙකාට පරම හතුරන් වන, දක්ෂ සටන් ශිල්පීන් දෙදෙනෙක් අතරයි.

ඔවුන්ගෙන් එක් අයෙක් පරම්පරාවෙන් පැවත එන, සම්ප්‍රදායික වූෂු සටන් කලාවේ ගෞරවය රැකගන්නට දිවි හිමියෙන් සටන් කරන අතර, අනෙක් ප්‍රතිවාදියා උත්සාහ කරන්නේ නවීන ලෝකයට ගැලපෙන, වෙනස්ම මාර්ගයක එම ඇකඩමිය රැගෙන යන්නටයි. සම්ප්‍රදාය සහ නවීනත්වය අතර ගැටෙන මේ සටනින්, ඇකඩමියේ භාරකාරීත්වය හිමිවන්නේ කාටද? ගෞරවය, බලය සහ පරම්පරාවේ උරුමය වෙනුවෙන් දිගහැරෙන මේ ද්වන්ධ සටනේ අවසානය කුමක් වේවිද?

උපසිරැසිකරුගේ ඇසින්:

මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වපු කෙනෙක් විදිහට මට මේ ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි… නියම action, martial arts ෆිල්ම් එකකට ආස කෙනෙක් නම්, මේක මඟහරින්නම එපා කියන එකයි! 🎬🔥 මේකෙ සබ් එක කරනකොට මට තේරුණු විශේෂම දේ තමයි, මේක නිකන්ම නිකන් ගහ මරාගන්න ෆිල්ම් එකක් නෙවෙයි කියන එක. 🥋

ප්‍රධාන චරිත දෙකේ තියෙන එදිරිවාදීකම, ඒ වගේම ඒ දෙන්නගෙම තියෙන අරමුණු හරිම පැහැදිලියි. එක්කෙනෙක් සම්ප්‍රදාය බදාගෙන ඉද්දි, අනිකා වෙනසක් හොයනවා. මේ ගැටුම නිසා කතාව හරිම රසවත් වෙලා තියෙනවා.

සටන් ජවනිකා ගැන නම් කියන්නම ඕන! 🤩🔥 ඒවා හරිම ලස්සනට, වේගවත්ව සහ බලවත් විදිහට නිර්මාණය කරලා තියෙනවා. නිකන් ඇඟටම වදිනවා වගේ දැනෙන්නේ. සබ් කරන අතරෙත් ඒ සටන් දිහා බලන් ඉන්න ආස හිතුනා. Action වලට විතරක් සීමා නොවී, ගුරු-ගෝල සම්බන්ධතා, ගෞරවය, කැපකිරීම වගේ දේවලුත් මේකෙ තියෙනවා. ඒ නිසා කතාවට ගැඹුරක් එකතු වෙලා තියෙනවා. 🤔

IMDB අගය 5.6ක් වුණත්, Action/Martial Arts ලෝලීන්ට නම් මේක ඊට වඩා ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. සමහරවිට කතාව පොඩ්ඩක් සරලයි වගේ දැනෙන්න පුළුවන්, ඒත් Action පැත්තෙන් නම් කිසිම අඩුවක් නෑ. 💪 හොඳ සටන් චිත්‍රපටියකින් බලාපොරොත්තු වෙන හැමදේම මේකෙ තියෙනවා. විනෝදයෙන් බලන්න පුළුවන් සුපිරි නිර්මාණයක්!

Comments