EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

1920 London (2016) | ලන්ඩනයට ආ අඳුරු මායාව

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Dharmendra Suresh Desai. 3 Idiots චිත්‍රපටියෙ රාජු විදිහට රඟපාපු Sharman Joshi මේකෙ ජේයි සිං ගුජ්ජර් විදිහටත්, Priyanka Chopraගේ ඥාති සොහොයුරියක් වන Meera Chopra මේකෙ ශිවාන්ගි විදිහටත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. බලනකොට ටිකක් බය හිතුනට, කලින් චිත්‍රපටි දෙකට තරම් මේකට බය හිතෙන්නෙ නෑ කියලා තමයි මට නම් හිතෙන්නෙ. ඒ ගැන ඔයාලගෙ අදහසුත් මට කියන්නකො.

මේකෙ කතාව මම කෙටියෙන් කියන්නම්.. ඉන්දියාවෙ රජ පවුල් වල සාමාජිකයන් වන ශිවාන්ගි සහ එයාගෙ සැමියා වන වීර් සිං ජීවත් වෙන්නෙ ලන්ඩන් වල. එක දවසක් වීර්ට රාජස්ථාන් වලින් එවපු තෑග්ගක් ලැබෙනවා. එදා ඉඳන් වීර්ට අමුතු දේවල් වෙන්න පටන් අරන් එයාගෙ තත්ත්වෙ නරක අතට හැරෙනවා. ඉතිං ඒකට ජේයිගෙන් උදව් ඉල්ලගෙන ශිවාන්ගි ඉන්දියාවට යනවා. ඉතිං වීර්ට එහෙම උනේ ඇයි, ශිවාන්ගි ඇයි ජේයිගෙන් උදව් ඉල්ලන්නෙ, එයාගෙයි ජේයිගෙයි සම්බන්ධය මොකක්ද, වීර්ට ආපහු සනීප වෙනවද කියන දේවල් දැන ගන්න පුළුවන් ඔයාලට මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ.

ඉතිං එහෙනම් ඔයාලට චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා,

Comments