CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2257 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 29, 2024United States96 Min.
Your rating: 0
8.3 6 votes
1992 (2024) | ප්ලැටිනම් මංකොල්ලය

 

 

ඒ 1992 වර්ෂය. මර්සර් (Tyrese Gibson) පෙර වැරදි හදාගෙන තමන්ගේ පුතා ඇන්තෝනි (Christopher Ammanuel) එක්ක ලොස් ඇන්ජලිස් වල අලුත් ජීවිතයක් ගත කරන්න උත්සහ කරන ගමන්. ඒ අතරේ තවත් එක පියෙක් (Ray Liotta) තමන්ගේ පුතාලා දෙන්නා වන රිගින් (Scott Eastwood) සහ ඩෙනිස් (Dylan Arnold) එක්ක එක රැයෙන් මිලියනපතියන් වෙන්න ක්‍රමයක් හොයන ගමන්. ඔව්. එයාලට ක්‍රමයක් හම්බ වෙනවා. ඒ මර්සර් වැඩ කරන Pluton Metals වල ආරක්‍ෂිත සේප්පුවක දමා ඇති ඩොලර් මිලියන 10 ක් වටිනා ප්ලැටිනම් තොගයක් මංකොල්ල කන්න අදහසක් පහළ වෙලා. තනියම නෙමෙයි. තවත් හොරු දෙතුන් දෙනෙක් එකතු කරගෙන.

ඔය මං කිව්වේ අද ඔයාලට අරන් එන 1992 චිත්‍රපටයේ කෙටි හැඳින්වීමක්. වැඩි කතා ඕන නැහැ නේ. කම්මැලි නැතුව බලන්න පුළුවන් Thriller/Drama ගණයේ චිත්‍රපටයක් කිව්වොත් හරි. මට නම් මේක Action ගොඩටත් දාන්න පුළුවන්.

මේ චිත්‍රපටය ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ 2022 අවුරුද්දේ. හැබැයි එළියට ආවේ 2024 අගෝස්තු 30. ඒ කියන්නේ මගේ උපන්දිනය දවසේ. ඒ වගේ විශේෂ දවසක ආපු චිත්‍රපටයකට උපසිරැසියක් නොදී කොහොමද නේද? හැබැයි ඉතින් මේ වැඩේ මට ඉක්මනින් කර ගන්න යුරාන් මල්ලිත් උදව් කරා. අපි දෙන්න එකතු වෙලා තමයි උපසිරැසිය ඔයාලට අද අරන් එන්නේ.

පැයකුත් විනාඩි 37 කට ආසන්න කාලයක් දිවෙන මේ චිත්‍රපටය Lionsgate Films ආයතනය තමයි බෙදාහැරීම කරලා තියෙන්නේ. අධ්‍යක්‍ෂක වරයා වෙන්නේ Ariel Vromen. IMDb අගය 5.8 ක් සහ Rotten Tomatoes අගය 61% ක් වෙන නිසා කතාවේ ගුණාත්මක භාවය ගැන සැක හිතන්න දෙයක් නැහැ.

මේ චිත්‍රපටය ගැන තව විශේෂ කරණා දෙකක් කියන්න ඕන. එකක් තමයි කතාවේ අවසානය. ඒක ඇත්තටම හරිම වෙනස් අවසානයක්. Spoil වෙන නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. අනිත් දේ තමයි මේ Ray Liotta ගේ අන්තිම චිත්‍රපටය. එයා චිත්‍රපටය නිර්මාණය කරපු 2022 අවුරුද්දේම මිය ගියා. Ray Liotta ට නිවන් සුව පතන ගමන් ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.

1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baicope)
IMDb 5.8 /10 1,333 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ariel Vromen
Director

Cast

Similar titles

To All the Boys-Always and Forever (2021) Sinhala Subtitles
Homefront (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ledge (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: The Desolation of Smaug (2013) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Stargirl (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birthmark (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Junior (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Geostorm (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune Drifter (2020) With Sinhala Subtitles
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published