EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

300 : Rise of an Empire (2014) | අධිරාජ්‍යයක පිබිදීම… (18+)

300 කියන්නේ ස්පාටා නමැති ග්‍රීක රාජ්‍යයේ සෙබළුන් පිරිසක් වටා ගෙතුන කතාවක්. ඔවුන්ගේ රාජ්‍යයට පර්සියානු රජෙකුගෙන් ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ සඳහා සටන් වදින ස්පාටා රජු තමයි ලියනයිඩස් කියන්නේ. ගියවර චිත්‍රපටය තුලදී ඔහු සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා පර්සියානු හමුදාව අතින් සමූලඝාතනය වෙනවා. කලින් කතාවේදී පොඩ්ඩක් අපැහැදිලි ගතියක් තිබුන නිසාවෙන් මෙවර චිත්‍රපටියෙන් මුල මැද අග උන දේවල් වෙන වෙනම විස්තර කරලා තියෙනවා. 300 නොබලපු කෙනෙක්ට උනත් 300 එකේ උනේ මොකද්ද කියල මේ චිත්‍රපටයෙන් දැන ගන්න පුළුවන්. 300 චිත්‍රපටයේ දැකපු ප්‍රධාන චරිත තමයි පර්සියානු රජා සහ ග්‍රීක ස්පාටා රජු ලියනයිඩස් කියන්නේ. එත් මේ පර්සියානු රජු ඇයි ග්‍රීසිය ආක්‍රමණය කලේ? ඔහුගේ ස්වරූපය වෙනස් මොකද? පර්සියානු හමුදාව ලියනයිඩස් සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා මරා දැමුවාට පසු මොකද ග්‍රීසියට සිද්ධ වෙන්නේ? ලියනයිඩස් මැරුණා නම් කවුද ග්‍රීසිය මෙහෙයවන්නේ? මේ මම කියපු සෑම ප්‍රශ්ණයකටම පිළිතුරු කතාව බලලම ලබා ගන්න. එහෙනම් ඔයාලට බාරයි කතාව.

Comments