EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page6/45 (2022) | උතුරෙයි දකුණෙයි ලොතරැයි මෙහෙයුම
ෆිල්ම් එක ගැන කිව්වොත් මේ ෆිල්ම් එකේ නම තමා 6/45. කොරියානු බසින් ගත්තොත් යුක්සාඕ. 2022 අගෝස්තු 24 වෙනිදා තිරගත වුනු මේ ෆිලුම ඩොලර් මිලියන 22.3 ක සාර්ථක ආදායමක් ලබාගන්න සමත් වුනා. පැයයි විනාඩි පනස් තුනක් දිවයන මේ ෆිලුම MyDramaList වල 8.2/10 ක අගයකුත්, IMDB වල 7/10 ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Military, Comedy ගනයට අයිති වෙන මේ චිත්‍රපටියේ තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Park Gyu Tae විසින්. ෆිල්ම් එක ගැන කිව්වොත් ආයේ බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්. කොරියන් ඩ්‍රාමා, මූවීස් බලන කෙනෙක් නම් කාස්ට් එක දිහා බලපු ගමන් කියතහැකිනේ ඒක.
චොන් වූ කියන්නේ දකුණු කොරියානු හමුදා සේවයේ ඉන්න සොල්දාදුවෙක්. දවසක් අහම්බෙන් වගේ චොන් වූට ලොතරැයියක් හම්බෙනවා. ලොතරැයියේ නම තමා 6/45. බලද්දි ඒක තමා වොන් බිලියන ගානක තෑගි මුදලක් තියෙන ජයග්‍රාහී ලොතරැයිය. හමුදා සේවය ඉවර වෙන්න තව මාස ගානයි හින්දා චොන් වූ ලොතරැයිය හොදට පරිස්සම් කරන් තියාගෙන ඉන්නවා. ඔහොම ඉද්දි දවසක් ලොතරැයිය හුලගට ගහගෙන ගිහින් ඊට එහාපැත්තේ තියෙන යුධ මුක්ත කලාපෙට (DMZ) යනවා. ඉතින් චොන් වූ DMZ එකේ කොහෙහරි ලොතරැයිය ඇති කියලා හොයද්දි බලන් ගියාම ලොතරැයිය උතුරටයි ගිහින් තියෙන්නේ. උතුරු කොරියානු සොල්දාදුවෙක් වෙන රී යොන්ග් හෝ කියන කෙනා තමයි 6/45 ලොතරැයිය ඇහිදගෙන තියෙන්නේ. ලොතරැයියේ විස්තර හොයද්දි යොන්ග් හෝ දැනගන්නවා ඒක දිනපු ලොතරැයියක් කියලා. ඉතින් මෙයාට ඕන වෙනවා ඒකේ තෑගි මුදල අරගන්න. තෑගි මුදල අරගන්න වැඩේ භාරදෙන්න දකුණේ සොල්දාදුවෙක් හොය හොය ඉද්දි තමා යොන්ග් හෝට චොන් වූව හම්බෙන්නේ. ඉතින් මේ දෙන්නට තෑගි මුදල අරගන්න පුළුවන් වෙයිද? තෑගි මුදල බෙදාගන්න මේගොල්ලෝ කැමති












