CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2010 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 10, 2022India166 Min.
Your rating: 0
8.8 4 votes
777 Charlie (2022) | ජීවිතයට පාර කියූ ආදරණීය මිතුරා..!!

 

2022 අවුරුද්දේ කන්නඩ සිනමාවේ සිද්ධ වුණු දෙවැනි බෝම්බ ප්‍රහාරය මොකක්ද, ඒකට වගකිවයුත්තා කවුද කියලා. බෝම්බ ප්‍රහාරයක් කියලා කිව්වට වරදක් නැහැ, මොකද අඩු බරපැනක් යොදලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය කෝටි 100 පහු කරපුආදායමක් ලබාගෙන Blockbuster ලේබලය අලවගත්තු නිසා. ඒ වගේම ප්‍රේක්ෂක ආදරයෙත් කිසිම අඩුවක් නැති බව පේනවා 12000ක අධික මනාප සංඛ්‍යාවකින් ලබාගත්තු 9.1ක දැවැන්ත IMDb අගය නිසා. ඉතින් අපි දැනගමු මොකක්ද මේ අති සාර්ථක සිනමාපටය මොකක්ද කියලා.

මහා භාරතය ගැන අපි කවුරුත්අහලා තියෙනවනේ. කොහෙන් කොහෙන් හරි ඇහිලා ඇතිනේ කෞරව, පාණ්ඩයන් අතර ඇතිවුණු යුද්ධය සහ අවසානයේ ක්‍රිෂ්ණාගේ මායාවන් එහෙම. ඒත් මහා භාරතයෙන් පස්සෙ මොකද වුණේ කියලා ඔයාලා අහලාතියෙනවද. දන්නවද අර උඩ කියපු පාණ්ඩව පවුලේ ලොකුම සහෝදරයා යුදීශ්, ස්වර්ගය අත ඇරලා දැම්මා, ඒකත් එක බල්ලෙක් වෙනුවෙන්. ඒ කතාව දන්නෙ නෑ නේද? එහෙනම් තවත් හොඳයි. ඉතින් ඔය කතාව චිත්‍රපටයක මුහුණුවරකින් අපි ඉස්සරහටම ගෙනත් දාලා තියනවා, මේ අද කාලෙට ගැලපෙන විදිහට.

777 Charlie, මේ චිත්‍රපටිය කන්නඩ සිනමා කර්මාන්තයට විතරක් නෙමේ මුළු ඉන්දියාවටම ආඩම්බරයක් දනවන්න පුලුවන් විදිහේ චිත්‍රපටයක්. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, පිටරට ඈයෝ අපෙන් ගොඩක් දේවල් හොරකම් කරගෙන ගියා සහ තවමත් අරන් යනවා, ඒත් මෙන්න මේ චාලිව නම් අපෙන් උස්සන් යන්න බැරිවෙයි. ඒ තරමටම චාලි කියන්නේ හොලිවුඩයට පවා අභියෝග කරන සිනමාපටයක් කියලා මං කියනවා.

මේ කතාව පටන් ගන්නේ, ධර්මා කියන තරුණයාගෙන්, මිනිහා තමන්ගේ ජීවිතේ අරන් යන්නේ තනියමමයි, ගුප්ත විදිහට. එයා උදේට වැඩට යනව, හවසට වැටෙන්න බොනව. රෑට ඉට්ලි පිඟානක් කනවා. එකෙක්වවත් තඹ සතේකට මායිම් කරන්නේ නෑ. ඉර පායනවා බැහැලා යනවා, ඒ අතරේ ධර්මාගේ ජීවිත චක්‍රය හැමදාම පුරුදු විදිහට කැරකෙනවා, හරියට නිකන් මිනිහා මැරෙන්න බලාගෙන ජීවත් වෙන සිද්ධියක් තමා පේන්න තිබුණේ. ඉතින් ඔය අතරේ මේ කතාවට එකතු වෙනව හරි අබිරහස් අමුත්තෙක්. මෙයා කවුද කොහෙන්ද කොහොමද ආවේ කියලා කවුරුත් දන්නේ නෑ. දන්නේ මෙච්චරයි, මෙයාගේ හිතේ ධර්මා වෙනුවෙන් විශේෂ ආදරයක් ලෙන්ගතුකමක් තිබ්බා පළවෙනි දවසේ ඉඳන්ම. වැඩේ කියන්නේ පිට මිනිස්සු ඉන්නවද මලාද කියලා කනකට ගණන් නොගන්න මේ මනුස්සයව, මේ අමුත්තා තමන්ගෙ මුළු ලෝකයම කරගෙනයි හිටියේ. ඒත් ධර්මා ධර්මාම තමා. අනිත් හැමදේම වගේ එයා මේ කෙනාවත් බල්ලටම දාලයි තිබුණේ. එතකොට මේ කතාව කොහොමද ඉස්සරහට ගියේ? මේ ධර්මාගේ ඒකාකාරී ශාපලත් ජීවිතේ වෙනස් මගකට ගියේ කොහොමද? එන්න, 777 Charlie (2022) ඇවිත් තියෙන්නේ ඒ කතාව අරගෙන.

777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
777 Charlie (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම PHOENIX (Baiscopelk)
IMDb 8.7 /10 43,567 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
11 Rebels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Engeyum Eppodhum (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Wall (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thugs of Hindostan (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veerapandiyapuram (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2021) Sinhala Subtitles | Watch Online
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published