EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ජීවත් වෙන්න විනාඩි 96ක්

ඔන්න මම අද අරගෙන ආවේ ඔයා බලන්න ආස හිතෙන ජාතියේ සුපිරිම ත්‍රාසජනක (Thriller) චිත්‍රපටයක් ගැන විස්තරයක්. මේකේ නම “96 Minutes”. මේක තායිවාන්වල හදපු චීන භාෂාවෙන් තියෙන ෆිල්ම් එකක්.

මේකේ කතාව යන්නේ අධිවේගී දුම්රියක් (High-Speed Train) ඇතුළේ. කතාව කෙටියෙන් මෙහෙමයි:

මේ කෝච්චිය තායිපේ ඉඳන් කාඕෂියුන්ග් (Kaohsiung) වලට යන්න හරියටම විනාඩි 96ක් ගන්නවා. ෆිල්ම් එකේ නම හැදිලා තියෙන්නෙත් ඒකෙන්. මේ කෝච්චියේ යනවා බෝම්බ නිශ්ක්‍රීය කරන විශේෂඥයෙක් (Bomb Disposal Expert). එයා යන්නේ එයාගේ බිරිඳ එක්ක. හදිස්සියේම දැනගන්න ලැබෙනවා මේ කෝච්චියේ බෝම්බයක් හයි කරලා තියෙනවා කියලා!

වැඩේ බරපතල වෙන්නේ මෙතනදී. මේ බෝම්බය හයි කරලා තියෙන්නේ කෝච්චිය නතර කරොත් පුපුරන විදිහට. ඉතින් මේ විනාඩි 96 ඇතුළත, කෝච්චිය නතර කරන්නේ නැතුව, දුවන කෝච්චිය ඇතුළෙම බෝම්බේ ගලවන්න මේ වීරයාට සිද්ධ වෙනවා. ඒ අස්සේ එයාට පරණ සිද්ධියක් නිසා ලොකු මානසික පීඩනයකුත් තියෙනවා.

Comments