CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
A Complete Unknown (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Brad Robinson, Doug Torres, James Mangold, Justin Bischoff, Sheila Waldron
Cast
Go Full Cast PageA Complete Unknown (2024) | ජනහද ජයගත් මහා කලාකරුවා: බොබ් ඩිලන්
1961 දී, බොබ් ඩිලන් නිව්යෝර්ක් නගරයට ගමන් කරන්නේ හන්ටිංටන්ගේ රෝගයෙන් සෙමෙන් මිය යමින් සිටින ඔහුගේ සංගීත පරමාදර්ශය වන වුඩි ගත්‍රි හමුවෙන්නයි. ඩිලන් ගත්‍රිගේ සමීප මිතුරෙකු වන පීට් සීගර් සමඟ රෝහලේදී ගත්‍රි හමුවෙනවා. මේ අපි පාසල් ගිය කාලේ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට ඉගෙන ගත්ත ‘Where have all the flowers gone?” නම් විශිෂ්ඨ ගීතය රචනා කළ පීට් සීගර්ම තමයි. එතැනදී ඩිලන් ගත්‍රි වෙනුවෙන් තමන් විසින්ම ලියූ ගීතයක් ගායනා කර පෙන්වනවා. මේ ගායනය ජන සංගීතඥයන් දෙදෙනාගේම ප්‍රසාදයට හේතු වෙනවා. පීට් සීගර් ඩිලන්ට තම පවුලේ අය සමඟ නවාතැන් ගැනීමට ආරාධනා කරන අතර, ආධුනික බොබ් ඩිලන්ට නිව්යෝර්ක් නගරයේ ජන ගායන සංදර්ශනයකට සෙමින් හඳුන්වා දෙනවා. එතැනදී පීට් සීගර් ගයනවා” Wimoweh…” නම් ජනප්‍රිය ගීතය. එහි ආරම්භය “Uyimbube, Uyimbube” (‘ඔහු සිංහයෙක්. ඔහු සිංහයෙක්’) කියන සුලූ ජනතාවගේ ගායනාවෙන් අනුවර්තනය කරගත් කොටසක්. ජෝන් බයේස්ගේ ගායන ඉදිරිපත් කිරීමකින් පසු, කර්මාන්ත විධායකයින් සහ පටිගත කිරීමේ කර්මාන්ත කළමනාකරු ඇල්බට් ග්‍රොස්මන් සහභාගී වූ රාත්‍රි සාදයකදී පීට් විසින් ඔවුන්ට බොබ් ඩිලන්ව හඳුන්වා දෙනවා. ඩිලන් බයේස් සමඟ ආලවන්ත හැඟීම් පාමින් පිරිස විශ්මයට පත් කරනවා. ග්‍රොස්මන් එම ස්ථානයේදීම ඔහුව සේවාදායකයෙක් ලෙස භාර ගැනීමට පෙළඹෙනවා. ඉන්පසු ඩිලන් සංගීත ඇල්බමයක වැඩ ආරම්භ කරන නමුත් ඔහුගේ ලේබලය නිසා බොහෝ දුරට කවර් සින්දු පටිගත කිරීමට සිදුවෙනවා. ඒ තැටියේ අලෙවිය දුර්වල වීම නිසා, ඩිලන් කලකිරීමට පත් වෙනවා. ඉන්පස්සේ හදිසියේ ඩිලන්ට එක් ප්‍රසංගයකදී සිල්වි රුසෝ හමුවෙනවා. සැණකෙළියක වැඩ කිරීම පිළිබඳ ඔහුගේ ප්‍රතිවිරුද්ධ අදහස් සහ කතා වලින් ඇයව ආකර්ෂණය කරගන්නවා. දෙදෙනා සම්බන්ධතාවයක් ආරම්භ කරන අතර ඔහු ඇගේ මහල් නිවාසයට යනවා. කෙසේ වෙතත් යුරෝපයට දිගු පාසල් චාරිකාවක් සඳහා පිටත්ව යන්න කළින්, සිල්වී ඩිලන් සමඟ වාදයක් ඇති කර ගන්නවා. ඔහුගේ දුරස්ථ ස්වභාවය සහ ඔහුගෙන් අතීතය සැඟවීමට හිතාමතාම ගත් උත්සාහය නිසා ඇය කලබල වෙනවා. කොහොම වුණත් ඔහුගේ මුල් සංගීතය පටිගත කිරීමට ඇය ඔහුව දිරිමත් කරනවා. ඇය බැහැරව ඉන්න අතර, ඩිලන් දේශපාලනික හා සමාජීය නොසන්සුන්තාවයෙන් ප්‍රයෝජන ගනිමින් ඔහුගේ සමාජීය වශයෙන් සවිඥානික ගීත රචනය සඳහා අනුගාමිකයින් ගොඩනඟා ගන්නවා. මේකට බයේස්ගේ ආකර්ෂණයක් ලැබෙන නිසා ඩිලන් සහ ඇය දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙනවා. ඒ වගේම ඔවුන් අතර සහ කලාත්මක සහයෝගීතාවයක් ආරම්භ වෙනවා. මේ නිසා සිල්වි ඔහුගෙන් ඈත් වෙයිද? බයේස් නිසා ඩිලන්ගේ වෘත්තීය ගමනට සිදුවන බලපෑම කුමක්ද? පීට් සීගර් ආරම්භය ලබා දුන් චාරිකාව සාර්ථකව ඉදිරියට ගෙනයන්නට බොබ්ට හැකියාව ලැබෙයිද? ඔහු මුහුණදෙන හැලහැප්පීම් සමඟ ඔහුගේ සංගීත දිවියේ එක්තරා කොටසක් ඔස්සේ නිර්මාණය වුණු මේ චිත්‍රපටය බලලා රසවිඳින්න.












