EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
A House of Dynamite (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageA House of Dynamite (2025) | “ ඩයිනමයිට් නිවහන ”
හිතන්නකෝ, ඔයා සාමාන්‍ය විදියට ඉන්නකොට එකපාරටම නිවුස් එනවා ඇමරිකාවට නියුක්ලියර් මිසයිලයක් එනවා කියලා. ඒක වැටෙන්න තව තියෙන්නේ විනාඩි 20යි. ලොකුම අවුල, මේක ගැහුවේ කවුද කියලා කවුරුවත් දන්නේ නෑ.
රුසියාවද? චීනෙද? උතුරු කොරියාවද?
ඇමරිකාව මේක අහසෙදිම විනාශ කරන්න ට්‍රයි කරනවා, ඒත් සිස්ටම් එක ෆේල් වෙනවා. ඒ කියන්නේ මිසයිල් එක නවත්තන්න බැරි වෙනවා. දැන් බෝලේ තියෙන්නේ ඇමරිකන් ජනාධිපති අතේ. චිකාගෝ නගරය විනාශ වෙන්න කලින් තමන්ගෙ න්‍යෂ්ටික අවි පාවිච්චි කරලා මේක එවපු කෙනාට ආපහු ගහනවද? කාට ගහන්නද? කවුද ගැහුවේ කියලා දන්නෙත් නැතුව? විනාඩි 20ක් ඇතුළත ගන්න ඕන තීරණයක් ගැන තමයි මුළු ෆිල්ම් එකම තියෙන්නේ.
මේක ඩිරෙක්ට් කරන්නේ Kathryn Bigelow. ඔයාලට මතක ඇතිනේ ඔස්කාර් සම්මාන දිනපු The Hurt Locker, Zero Dark Thirty වගේ පට්ට ෆිල්ම් හදපු ඩිරෙක්ටර්.එයා අවුරුදු ගාණකට පස්සේ කරපු ෆිල්ම් එක තමයි මේ.
නළු සෙට් එකත් ටොප් එකටම ඉන්නවා.
Idris Elba ඇමරිකන් ජනාධිපති විදියට ඉන්නේ. Dune, Mission: Impossible වල හිටපු Rebecca Ferguson ඉන්නේ ධවල මන්දිරේ සිටුවේෂන් රූම් එකේ කැප්ටන් කෙනෙක් විදියට. ඒවගේම
Gabriel Basso The Night Agent එකේ කොල්ලා.
සහ Jared Harris රක්ෂක ලේකම් විදියට වගේ තව ගොඩක් චරිත මේකෙන් දැකගන්න පුලුවන්.
මේක White-knuckle ත්‍රිලර් එකක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ කියන්නේ බය හිතෙන, ටෙන්ෂන් එක දනවන ජාතියේ එකක්.
Rotten Tomatoes වල මේක 80%-90% වගේ හොඳ ගාණක තියෙනවා. විචාරකයෝ කියන්නේ Kathryn Bigelow ආයෙත් එයාගේ සුපිරිම වැඩක් පෙන්නලා තියෙනවා කියාලා.
මේ ෆිල්ම් එකේ අවසානය හරිම මතභේදාත්මකයි. ඒ කියන්නේ, කතාවේ වැදගත්ම තැනදී, ජනාධිපති තීරණේ ගන්නකොටම ෆිල්ම් එක කට් කරලා ඉවර කරනවා. සමහරු කියනවා “ඒකෙන් අපිට හිතන්න ඉඩක් දීලා” කියලා. තව අය බැන බැන යනවා “අයියෝ එහෙම ඉවර කරන්න පුළුවන්ද, අපේ වෙලාව අපරාදේ” කියලා. ඒ නිසා බලනකොට ඒකට ලෑස්ති වෙලා බලන්න.
මේක හදන්න කලින් ඩිරෙක්ටර් Kathryn හමුදා නිලධාරීන්ගෙන්, පෙන්ටගන් එකේ අයගෙන්, ඔත්තු සේවා ප්‍රධානීන්ගෙන් උපදෙස් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේක මෙච්චර Realistic. හැබැයි ඇමරිකන් හමුදාව ඇත්තටම මේ ෆිල්ම් එකට අප්සට් එකේ ඉන්නේ. එයාලා කියනවා “අපේ මිසයිල් සිස්ටම් මේ ෆිල්ම් එකේ පෙන්නන තරම් බාල නෑ, අපිට ඕක නවත්තන්න තිබ්බා” කියලා.
ෆිල්ම් එකේ තව වෙනස් දෙයක් තමයි, අර විනාඩි 20ක සිද්ධිය තුන් පාරක් පෙන්නනවා. හැබැයි තුන් දෙනෙක්ගේ ඇස් වලින් උදාහරණයක් වශයෙම් සිටුවේෂන් රූම් එක, ජනාධිපති, මිසයිල් බේස් එකේ කෝණයෙන්.
A House of Dynamite කියන්නේ නිකන් පොප්කෝන් කකා බලන්න පුළුවන් ෆන් ෆිල්ම් එකක් නෙවෙයි. මේක බරපතල, ටෙන්ෂන් එක තියෙන ත්‍රිලර් එකක්. ඔයා කැමති Serious, Realistic කතාවලට නම් මේක අනිවාර්යයෙන් බලන්න.












