EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageA Letter to Momo (2011) AKA Momo e no tegami | තාත්තගෙන් ලියුමක්
තමන්ගේ දෙමාපියන් හදිසියේම සමු ගත්තොත් ඒක දරාගන්න බැරි වේදනාවක්. විශේෂයෙන්ම පොඩි ළමයින්ට. මෝමෝ කියන්නේ ටෝකියෝ වල ජීවත් වෙන 6 වසරෙ ඉගෙන ගන්න ගෑණු ළමයෙක්. මෙයාගේ තාත්තත් මුහුදු අනතුරක් නිසා හදිසියේ එයාලව දාලා යන්න යනවා. මේ ගමන යන්න කලින් මෝමෝ එයාගෙ තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඒකට සමාව ගන්න ආයේ අවස්ථාවක් ලැබෙන්නෑ කියලා මෝමෝ හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති. තාත්තා නැතිවුන නිසා අම්මා එයා එක්ක තාත්තාගේ උපන් ප්‍රදේශයට යනවා ජීවත් වෙන්න. මේ මුළු කාලෙම මෝමෝ අතේ කඩදාසියක් තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ “ආදරණීය මෝමෝ වෙත” කියලා. මේක එයාගෙ තාත්තා මැරෙන්න කලින් ලියන්න උත්සහ කරපු ලියුමක්. මෝමෝට හරිම දුකයි තාත්තගේ අන්තිම හැඟීම් දැන්ගන්න නොලැබුන එකට. මෙයාලා නවතින ගෙදර අට්ටාලයක් තියෙනවා. දවසක් මෝමෝට මේකෙ උඩ සද්ධ වගයක් ඇහෙනවා. මේ සද්ධ වලට හේතුව දැනගත්තම මෝමෝ පන බයේ ගෙදරින් දුවනවා. ආයේ රෑ වෙනකන් ගෙදර පැත්ත පලාතේ එන්නේ නෑ. මෝමෝ ආයේ ගෙදර ගියාම ඒ දේට කොහොම මුහුන දෙයිද? තව එයාට තාත්තා ලියන්න හදපු දේවල් දැනගන්න ලැබෙයිද? ඒ ටික දැනගන්න A Letter to Momo කතාව රසවිඳින්න.


