EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

A Special Lady (2017) | “මී-ඕක්”

ඉස්සෙල්ලම කියන්න ඕනෙ ඔයාලට දැකලා පුරුදු සුපිරිම නළු නිළියො සෙට් එකක්ම මේ ෆිල්ම් එකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. පුංචි තිරයෙ දකිනවට වඩා වෙනස්ම චරිතවලින් අපිට එයාලව දැක බලාගන්න පුලුවන්. පැයකුත් විනාඩි තිහක් වටා ගෙතන මේ චිත්‍රපටය Action/Crime කියන ශානරයන්ට අයත්..

තමන්ගෙ අසැබි වීඩියෝ වගයක් ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම නිසා පලිගන්න නීතීඥයෙක්..
තමන්ගෙ ලොක්කා තමන්ට නිසි තැනක් දෙන්නෙ නෑ කියලා හිතලා පළිගන්න ළඟම සේවකයෙක්..
මේ සේරටම මැදිවෙන තරුණ පිරිමි ළමයෙක්..
තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනම සීමාවකට යන අම්මා කෙනෙක්..
මේ වගේ චරිත අපිට මේ film එකෙන් බලාගන්න පුලුවන් වෙනවා.

Comments