EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAadikeshava (2023) | “උරුමය වෙනුවෙන්”
Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන් දායක වෙනවා. විලන් චරිතයට අපි හඳුනන මලයාලම් නළුවෙකු වන ජෝජු ජෝර්ජ් රංඟනයෙන් දායක වනවා. ඒ වගේම Srikanth N. Reddy ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය තමයි මේ චිත්‍රපටිය. ඒවගේම මේ චිත්‍රපටිය සඳහා සංගීතයෙන් දාය වන්නේ G.V. Prakash Kumar.
බාලු කියන්නේ එක පවුල බාලම පුතා. ඒවගේම අම්මගෙ හුරතලා. ඉතිං රස්සාවක් එහෙම කරන්නෙ නෑ. ගෙදරින් දෙන දෙයක් කාලා ඇදලා තමයි ඉන්නේ. ඉතිං දවසක් ඔහුගෙ තාත්තගෙ බල කිරීම නිසා රස්සාවකට යනවා. එතනදි ඔහුට හම්බවෙනවා චිත්‍රාව. ඉතිං ඇය තමයි මොහුගෙ බොස් වෙන්නේ. ඇය එක්ක වැඩ කරන් යද්දි බාලුට ඇය ගැන ආදරයක් ඇති වෙනවා. නමුත් ඒකට ඇයගෙ පියා විරුද්ධ වෙනවා.
ඒ කථාව එක් පසෙකින් යද්දි, චෙන්ගාරෙඩ්ඩි කියලා පතල් හාරන මැරයෙක් ගැනත් අපිට පෙන්වනවා. බොහොම දරුණු ස්වභාවයෙන් ඉන්න මොහු, බලෙන් ඉඩම් අල්ලගෙන මේ දේවල් කරගන්නවා. ඔහුට හරස් වෙන ඕනෙම කෙනෙක්ව ගැහැනු පිරිමි භේදයක් නොබලම මරලා දානවා.
ඔහොම ඉන්නකොට තමයි බාලුගෙ ජීවිතේ කිසිවෙක් දැන නොසිටි අතීත පරිච්ඡේදයක් එලඹෙන්නේ. පතල් හාරපු චෙණ්ගාරෙඩි සහ කොස්මෙටික් ආයතනයක රස්සාව කල බාලු අතරෙ නොසිතූ විදියේ දෙයක් එළියට එන්නේ මේ අතරෙ. ඒ මොකක්ද? කොහොමද මේ දෙන්නා පටලැවෙන්නෙ කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා






