EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageදෑස් වල දගකාරකම
මේ කතාව පටන් ගන්නෙම හරිම පුදුම විදියකට. මේ කතාව පුදුම වගේම ගොඩාක් ආදරණීය කතාවක්. “ආදරය අන්ධයි” මේක මේ කතාව බැලුවොත් නම් ඇත්තක් වෙනවාමයි. එක ගැහැණු ළමයෙක් කෝච්චියේ මහා හයියෙන් කතා කරන දුරකථන ඇමතුමක් එක්ක තමයි මේ කතාව පටන් ගන්නේ. “සබා” ඒ ගෑණු ළමයගේ නම. මං කිව්වනේ කතාව පුදුමයි කියලා ඒ තමයි මේ ගෑණු ළමයා තමන්ගේ ඇස් දෙකේ කලු පටියක් ගැට ගහන් ඉන්නේ. ඒත් එක්කම එහා පැත්තේ ඉන්න පිරිමි ළමයා කියනවා “පොඩ්ඩක් හිමින් කතා කරන්න කියලා” එතකොටම සබාගෙන් හොද කම්මුල් පාරක් අර පිරිමි ළමයට හම්බෙනවා. එයාගේ නම “ජහාන්”. මෙයාලා යන්නේ එකම කෝච්චියේ මසූරි වලට. ඒ යන ගමන අතරමගදි හමුවන මේ දෙන්නා කාලෙත් එක්ක ආදරේ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ “ජහාන්” කියන්නේ ඇත්තටම අන්ධ කෙනෙක්. ඒත් පටියක් බැදන් ඉන්න සබා මේක දන්නේ නෑ. සබා මේ පටිය ගලවන වෙලවට ජහාන් අන්ධයි කියලා දැනගෙන මොනා හිතයිද? එයාලගේ මේ ආදරේ දිගටම තියෙයිද? කතාවේ මැදදි සබාට හම්බෙනවා “අභිනව්” කියලා කෙනෙක්. මේ අභිනව් කවුද සබාගේ? ඔයාලට මේ හැමදේම දැනගන්න නම් මේ කතාව බලන්නම වෙනවා. එක හුස්මට නවත්තන් නැතුව බලන්න පූලුවන් ආදරණීය කතාවක් තමයි මේක. “දෑස් වල දගකාරකම”


