EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Doug Torres, Francisco Ortiz, John Singleton, Liliana M. Molina
Cast
Go Full Cast PageAbduction (2011) | බිහිසුණු අතීතය
මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011දී, අයත් වෙන්නේ ඇක්ෂන්, ස්ටෝරි වර්ගයට. ප්‍රධාන චරිතය කරන්නේ Taylor Lautner, කවුරුත් දන්න Twilight චිත්‍රපටි මාලාවේ ජැකොබ්ට ඉන්නේ මෙයා තමා. ඒත් මේක imdb රේටිං වල ඉහල ලකුණු දාන්න සමත් වෙලා නෑ. ඒත් මට හිතෙන හැටියට චිත්‍රපටියේ කිසිම වැරද්දක් නම් නෑ, කම්මැලි නැතුව අවසානේ වෙනකම් බලන් ඉන්න පුළුවන්.
මේකේ කතාව දිහාට හැරුනොත්, බොහොම විනෝදයෙන් ඉන්න කොල්ලෙක් යාළුවො දෙන්නත් එක්ක පාටියකට යන දර්ශනෙකින් තමා චිත්‍රපටිය පටන් ගන්නේ. හැබැයි බීලා වැඩිවෙලා මෙයාගේ තාත්තා තමා මෙයාව එක්කන් යන්න උදේ එන්නේ. මේකෙන් තාත්තට ගොඩක් තරහ යනවා. ඇත්තටම මෙයා දන්නේ නෑ තමන් ඇත්තටම කවුද කියලා. ඔක්කොම අවුල් පටන් ගන්නේ ස්කොලේ වැඩකට අතුරුදහන් වුනු පුද්ගලයන් ගැන project එකක් කරන්න ගිහින්. මේක ට මෙයාගේ ඉස්සරහ ගෙදර ඉන්න ගෑනු ළමයත් සම්බන්ද වෙනවා. මේගොල්ලන්ට හම්බවෙනවා කොල්ලගේ ෆොටෝ එකක් අතුරුදහන් වුනු පුද්ගලයන්ගේ වෙබ් සයිට් එකක තියනවා. මෙතනින් චිත්‍රපටිය වෙනමම දිහාවකට හැරෙනවා. බොහොම විනෝදෙන් හිටපු කොල්ලගේ ජීවිතේ තත්පර ගණනකින් අපායක් බවට පත් වෙනවා. චිත්‍රපටිය බැලුවම තේරෙයි. කොච්චර ජීවිත ගණනක්, නම් ලිස්ට් එකක් හින්දා විනාශ වෙන්න පුලුවන්ද කියලා,
ඇත්තටම මෙයා කවුද? ඇයි මෙයාගේ තාත්තා ට රැයක් ගෙදරින් පිට ගතකලාම මෙච්චර තරහ යන්නේ? ඇයි මෙයා මේ වගේ අමාරුවක වැටෙන්නේ? නම් ලිස්ට් එකයි මෙයයි අතර තියන සම්බන්දෙ මොකක්ද ? කියන එක බලන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.











