EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Act of Valor (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Dennis Sonin, Mike McCoy, Robert Phillips, Scott Waugh
Cast
Go Full Cast PageAct of Valor (2012) | ජීවිතය පරදුවට…
මේක ජාත්‍යන්තර මූවී දර්ශකයේ රේටින් 6.4 අරගෙන තියෙනවා..මේ කථාවට පදනම් වෙලා තියෙන්නෙ ඇමරිකාවට එල්ල වෙන ත්‍රස්ත ප්‍රහාරයක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් සටන් කරන හමුදා කණ්ඩායමක් පිළිබඳව.කතාව ආරම්භය සනිටුහන් කරන්නේ එක්තරා පාසලක සිදුවන බෝම්බ ප්‍රහාරයකින් .මේ කණ්ඩායමට ඉතින් විවිධ හැකියාවලින් නියුක්ත භට පිරිසක් තමයි ඉන්නේ…මෙන්න එයාලගෙම වචන වලින්…..
“අපේ ප්ලැටූන් එක රහස් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක්”. “අපිට ඉන්නවා වීමි කියල කෙනෙක් අපේ ස්නයිපර් වැඩ්ඩා..ඔහු මුහුකුරා ගියේ මොජාවි කාන්තරය මැද.” “රේ.. අපේ රේඩියෝ හාදයා.ඔහු හැදුනේ ගෑන්ග්ලෑන්ඩ්, ලොස් ඇන්ජලීස් නැගෙනහිර.සටනකින් තුවාල ලැබූ කණ්ඩායමේ කෙනෙක්ගේ ජීවිතය බේරුවාට ඔහුට රිදී පදක්කමක් ලැබුණා.” “සොනි, එයා කළුගලක් වගේ හැදිල තියෙන්නෙ.මේ හාදයා තල්ලු කරන්නවත් බෑ.මිනිහා බය වෙලා ඉන්නේ මිනිහගේ පපුව තවත් ලොකු වෙයි කියලා.” “ඒජේ කණ්ඩායමට බැඳුනේ එයාට 30දි.එයා කලින් තායි සටන් කලාව හොඳින් හදාරලා තියෙනවා.” “මයිකි අවුරුදු 20 ක් කණ්ඩාමේ ඉඳලා තියෙනවා.ඒත් ඔහුගේ නිහතාමනීත්වය ඔබලාට කිසි දවසක දැනගැනීමටවත් බැහැ. එයාගේ හෙල්මට් එකේ එයාගේ නෝනගේ පිංතූරයක් සහ ඇගේ කොණ්ඩය පර්ස් එකෙත් දාගෙන හිටියා.නිශ්ශබ්ද වගේම නිස්ංකලංකයි.” “ඉතින් අන්තිමට, සීනියර් චීෆ් අපේ ලොක්කා..ඇත්තටම එයා ගැන මට ඔබට මොනවත් කියන්න පුළුවන් කමක් නෑ……ඊටත් වඩා වෙඩි හුමාරුවකිදි මට සටන් කරන්න වුනේ පිහියකින්.”
මෙන්න මෙහෙම සුපිරි හමුදා සෙබළුන් සෙට් එකක් ඉන්න මොවුන් මුහුණ දෙන අභියෝගය කුමක්ද?..යුද්ධය කෙලෙස කොහොම අවසන් වෙයිද?.විටෙක ත්‍රාසය බිය කුතුහලය රැගත් මේ අනගි සිනමා සිත්තම ඔබ බයිස්කෝප් රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරබිය යුතුය





