EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Adios Amigo (2024) | අපූරු මිතුරන් දෙදෙනා

 

සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය 5.4 උනත් මේ චිත්‍රපටය මම මේ වසර තුල නරඹපු මලයාලම් කොමඩි අතරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් එකක් කියල කියනවා. මේක පැය 2 විනාඩි 36ක් දිග චිත්‍රපටයක් උනාට කිසි කම්මැලි කමක් නෑ දිගටම විවිධ සිදු වීම් වලින් පිරුණු ලස්සනට ගලාගෙන යන චිත්‍රපටයක්.

මලයාලි සිනමාවෙ සුපිරි තරුවල දීප්තිය නිසා ටිකක් Under rated උන ඒත් අපේ රසිකයින් අතර ජනප්‍රිය තමුන්ටම ආවේණික රංගන සහිත අති විශිෂ්ඨම නළුවන් දෙපලක් තමයි මේකෙ ප්‍රධාන චරිත කරන්නෙ. සුරාජ් වෙන්ජාරමුඩු සහ අසිෆ් අලි.මීට අමතරව ශයින් ටොම් චාකෝ.අනගා, අල්තාෆ් සලිම් ආදී නළු නිළියන් මේකෙ ඉන්නවා. නහාස් නසාර් අධ්‍යක්ෂණය කරනවා.

අඩියෝස් අමීගෝ කියන්නෙ ස්පාඤ්ඤ බසින් මිතුරෙකුගෙන් කරන සමු ගැනීමක්. එකිනෙකාට හාත් පසින් වෙනස් පුද්ගලයො දෙන්නෙක් හදිසියේ එකට මුණ ගැසෙනවා. ඔවුන් එකට කරන චාරිකාවක අත්දැකීම් මේ කතාවට පාදක වෙනවා.ප්‍රධාන නළුවන් දෙපලගේ රැඟපෑම ඉතා ඉහළින් තිබෙන මේ කතාවේ අහසයි පොළවයි වගේ ඉන්න පුද්ගලයින් දෙදෙනා අතර සම්බන්ධය අපූරුවට ගලපලා තියෙනවා. හදිසියේ හමු වෙන ඔවුන් හදිසියේ සමු ගනීද?

Comments