EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAll Is Well (2015) | නොහැඟෙන පිය සෙනෙහස!
මේ කතාවේ ප්‍රධාන චරිතය Indar(Abhishek)කියන්නේ සංගීතයට ගොඩක් ඇලුම් කරන කෙනෙක්, ඒත් පුංචි කාලේ ඉඳන්ම අම්මගෙයි තාත්තගෙයි රන්ඩුසරුවල් මැද්දේ තමයි මෙයාට ජීවත් වෙන්න සිද්ධ වුනේ. බොහොම කලකිරීමෙන් තමයි මෙයා ඉන්නේ, ඉතින් අන්තිමට එපා වෙලා මෙයා අම්මවයි තාත්තවයි දාල එයාගේ ජිවිතේ හදාගන්න කියල රටින් පිට වෙනවා. ඒ ගමනේදී එයාට මුණගැහුණු කෙනෙක් තමයි නිම්මි (Asin) කියන්නේ. නිම්මි නම් මෙයාට ගොඩක් ආදරෙයි ඒත්, indar තීරණයක් අරන් තියෙන්නේ එයාගේ අම්මගෙයි තාත්තගෙයි, කසාද ජිවිතේ උදාහරණයට අරගෙන ජීවිතේටම විවාහ නොවී ඉන්න. ඒත් හදිසියේම ඉන්දර් ට ආපහු ඉන්දියාවට යන්න වෙනවා එක හේතුවක් නිසා. ඒත් ඉන්දියාවට ගියාට පස්සේ නම් ඉන්දර් සම්පුර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙනවා. ඉන්දර්ට මොකද වෙන්නේ කියල බලන්න ඔයාලට ඉතින් චිත්‍රපටය බලන්නම වෙනව, ඒවගේම කියන්න ඕනේ, මේ චිත්‍රපටය ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. සිනහව ආදරය කඳුල මැද්දෙන් මේ සිනමා පටය බලන්න ඔයාලට ආරාධනා කරනවා.


