EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageAloha (2015) | අලෝහා
මේ ෆිලුම IMDB මීටරේ 5.4ට යනකන් කරකවලා තියෙනවා. නිකුත් උනේ 2015 මැයි මාසේ. හොලිවුඩ් සුපිරි නළුවෙක් වන Bradley Cooper තමයි ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ෆිලුම වැටෙන්නේ comedy Romance ඝනයට. ඒත් මේක බැලුවාම මහා ගොඩක් හිනායන ෆිල්ම් එකක් නෙවේ. කොහොමුනත් මේකේ ලස්සන කතාවක් ඇතුලත් වෙලා තියෙනවා.
ෆිල්ම් එක ගැන කතා කලොත් Brian Gilcrest,ප්‍රධාන නළුවා තමයි ෆිල්ම් එකට අපිව එන්ටර් කරන්නේ. එයාම එතැනදී කියන විදියට, එයා හමුදාවෙන් අයින් වෙලා කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ Global One කියලා සමාගමකට වැඩ කරන කෙනෙක්. මේ සමාගම ඇමෙරිකා ගුවන් හමුදාව එක්ක එකතු වෙලා අලුත් සන්නිවේදක චන්ද්‍රිකාවක් දියත් කරනවා හවායි දූපතෙන්. මේ මෙහෙයුම සඳහා මෙයා හවායි දූපතට එනවා. එහෙදි එයාට එයාගේ කලින් බිරිඳව මුණගැහෙනවා. ඒ වගේම මෙයාගේ සහයකයා හැටියට කටකාර ලස්සන ගෑණු ළමයෙක් මෙයාට හම්බෙනවා. මේ කරුණු ඔස්සේ තමා ෆිලුම ගලාගෙන යන්නේ. ඇත්තටම මේ කෝටිපතියාගේ අරමුණ බොහොම පරම, පවිත්‍ර එකක්ද? මේ චන්ද්‍රිකාව ගුවන් ගත කරන්න මෙයාට පුළුවන් වෙයිද? බ්‍රයන් එයාගේ කලින් බිරිඳ එක්ක ආයේ සම්බන්දයක් පටන් ගනීද? එහෙම නැත්නම් කටකාර සහයිකාව මෙයා එක්ක අලුත් සම්බන්දයක් පටන් ගනීද?මේ දේවල් දැනගන්නනම් ඔයාලට ෆිල්ම් ඒක බලන්නම වෙනවා. ෆිල්ම් එක ඇවිල්ලා අවුරුදු එක හමාරක් විතර නිසා සමහරු බලලත් ඇති. ඒත් නොබලපු අයට අනිවාර්යෙන් බලන්න කියලත් ආරාධනා කරනවා,









