EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Altered (2025) | “ යකඩ මිනිසාගේ අරගලය ”

ඇල්ටර්ඩ් යනු 2025 දී තිරගත වූ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය Timo Vuorensola විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී.

මේක ඇත්තටම Sci-Fi සහ Action කැටගරි එකට වැටෙන ෆිල්ම් එකක්. සරලවම කිව්වොත් අනාගත ලෝකේ (Dystopian future) වෙන සිද්ධියක් තමයි මේකේ යන්නේ.

කතාව පැත්තට හැරුනොත්….

මේ ෆිල්ම් එකේ ලෝකේ හැටියට මිනිස්සුන්ව ජානමය වශයෙන් දියුණු කරලා (Genetically Enhanced) තමයි තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ ඉන්න වැඩිදෙනෙක් හරිම බලවත්, ලෙඩ රෝග නැති සුපිරි මිනිස්සු. හැබැයි මේ වෙනස්කම් කරගන්න බැරි වුණ, නැත්නම් ඒකට ඔරොත්තු නොදෙන පොඩි පිරිසක් ඉන්නවා. එයාලව සමාජයෙන් කොන් කරලයි තියෙන්නේ.

ඒ වගේම කතාව ඇතුළේ “ජෙනසිස් ට්‍රී” ( Genesis Tree ) කියලා විශේෂ ගහක් ගැන කියවෙනවා. මේකෙන් තමයි ලෝකෙට ඕන කරන බලශක්තිය සහ ජානමය වෙනස්කම් කරන්න ඕන දේවල් ලැබෙන්නේ කියලයි කියන්නේ.

කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ලියොන් (Leon) සහ ක්ලෝයි (Chloe). ලියොන් කියන්නේ ආබාධිත කෙනෙක්, එයා රෝද පුටුවක ඉන්නේ. මේ දෙන්නා අර කොන් කරපු කාණ්ඩේ අය. මේ අසාධාරණ සිස්ටම් එකට සහ මේක පාලනය කරන දූෂිත දේශපාලකයන්ට විරුද්ධව මේ දෙන්නා ගෙනියන සටන තමයි මුළු ෆිල්ම් එක පුරාම දුවන්නේ.

මේකේ ලියොන්ගේ චරිතේ කරන්නේ අපි කවුරුත් දන්න හැරී පොටර් ෆිල්ම් එකේ ඩ්‍රැකෝ මැල්ෆෝයිට හිටපු Tom Felton. එයා තමයි මේකේ මේන් රෝල් එක කරන්නේ. ගොඩක් අය මේක බලන්න හේතුවත් එයා තමයි.

කොහොමද ෆිල්ම් එක?

ඇත්තම කිව්වොත් මේක මාරම හයි බජට් ෆිල්ම් එකක් නෙවෙයි. ටිකක් B-Grade ගතියක් තියෙනවා කියලා තමයි රිවීව්ස් වල තියෙන්නේ. Tom Felton ඉන්න නිසා සහ අර Sci-Fi කන්සෙප්ට් එක නිසා බලන්න පුළුවන් මට්ටමක තියෙනවා. ලොකු මාර්වල් ෆිල්ම් එකක කොලිටිය බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි අර දුර්වලයි කියලා හිතන් ඉන්න මිනිස්සු බලවත් පාලකයන්ට එරෙහිව නැගී සිටින විදිහේ කතා වලට කැමති අයට මේක සෙට් වෙන්න පුළුවන්.

ඔයා Tom Felton ගේ ඇක්ටින් වලට ආස නම් හරි, Sci-Fi ලෝක ගැන කතා වලට ආස නම් හරි මේක කථාව ට්‍රයි කරලා බලන්න…

Comments

December 3, 2025

❤️❤️❤️