CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
American Assassin (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageAmerican Assassin (2017) | වියරු පළිගැනීම…
සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා.2017 වර්ෂයේ සැප්තැම්බර් මස නිකුත් වුණු American Assassin චිත්‍රපටය දැන් කට්ටිය දැනුවත්වත් ඇති කියල හිතනව.Thriller/Action ‧ගණයට වැටෙන මෙම චිත්‍රපට පැයයි විනාඩි 53ක කාලයක් රසවිදින්න පුලුවන්.ඒවගේම IMDb අගය 6.5ක් අරගන්න සමත් වෙලා තියෙනව වගේම කුණු තක්කාලි 34% ලැබිල තියෙනවා.මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Teen Wolf කතා මාලවේ Maze Runner චිත්‍රපට මාලවේදී අපිට හම්බවෙන Dylan O’Brien අනෙකුත් චරිත නම් Spider Man Homecoming චිත්‍රපටයේදී වල්චර් එහෙම නැතිනම් ස්පයිඩර් මෑන්ගෙ ප්‍රධාන හතුරාගෙ චරිතයට පණ පෙවූ Michael Keaton වගේම Sanaa Lathan, Taylor Kitsch ය.හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
මිච්(Dylan O’Brien) තම පෙම්වතිය සමග ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගත කරන්න එනවා.එතනදී බිහිසුණු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇවිත් හැමෝම ඝාතනය කරනවා.එතනින් මිච්ගෙ පෙම්වතියත් ඔහුන්ගෙ ගොදුරක් වෙනවා.එදායින් පස්සෙ මිච්ගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.ඔහු තම පෙම්වතිය මරා දැමූ ත්‍රස්තවාදීන් පසු පසු හබා ගිහින් ඔහුන්ව ඝාතනය කර දමනවා.දවසක් මොහු එවැනි ක්‍රියාවකදී නියැලී ඉන්නකොට මිච්ව FBI එකට අහුවෙනවා.ඉතින් මොහුන්ගෙන් ඇතැම් ප්‍රශ්න කිරිම් කරනව.ඉතින් මොහුගෙ වියරු පලිගැනීම සහ හැකියාවන් දකින අයිරීන් නියෝජිතය මෙහෙයුමකට ඔහුව සම්බන්ධ කරනවා.ඒ නම් රුසියානු න්‍යෂ්ටික ආයුධයක් සොරකම් කිරීම සම්බන්ධයෙන්.ඉතින් මිච්ට තමන්ගෙ පෙම්වතිය මැරූ ත්‍රස්තවාදීන්ගෙන් පලිගැනීමට හැකි වෙයිද?ඔහුව න්‍යෂ්ටික ප්‍රහාරය නවත්වාලන්න හැකි වෙයිද?කතාව ඔයාලටම බාරයි.












