EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAmerican Made (2017) | ජාවාරම්කරුවෙක් ලෙස හංවඩු ගැසූ රජුන් තනන්නෙක්.
කවුද මේ බැරී සීල් කියන්නෙ? චිත්‍රපටියෙ නම් බැරී සීල් ගැන හොඳ හැඳින්වීමක් තියෙනවා. විශේෂයෙන්ම එයා CIA එකට බැදුනට පස්සෙ වෙච්ච දේවල් ගැන. රසකැවිලි වෙළෙන්දෙක්ට දාව උපන්න බැරී සීල් තම ශිෂ්‍ය පියාසර බලපත්‍රය අවුරුදු 15 හා පෞද්ගලික පියාසර බලපත්‍රය අවුරුදු 16 දී වගේ ළාබාල වියේදිම ලබාගන්නවා. අපි යන්තම් බයික් එකක් හරි වාහනයක් හරි ආසවට අතගාන, කවුරුහරි එක්ක අඩියක් දෙකක් පදවල බලන කාලෙදි. 😉 ඒ වගේම ඔහු ඇමරිකානු ගුවන් හමුදා අනුබද්ධව පුහුණු වීම් කරන නමුත් ඔහු එය සම්පූර්ණ කරන්නෙ නෑ. ඊට පසු ඔහු TWA ගුවන් සේවයට ගුවන් ඉංජිනේරුවෙක් ලෙස රැකියාව අරඹන අතර එම සමාගමේ බෝයින් 707 ගුවන් යානය පදවන ලාබලතම ගුවන් නියමුවා ලෙස උසස් වීම් ලබනවා. හැබැයි චිත්‍රපටියෙ පෙන්වනවට වඩා වෙනස් ආකාරයකටයි ඔහු TWA එකෙන් නික්ම යන්නෙ.
කොහොමහරි ඉන් පස්සෙ ඔහු CIA සංවිධානයට බැඳෙනවා. එතනින් එහාට කතාව චිත්‍රපටියේ තියෙනවා. ටොම් කෲස්ගේ සුපිරි රංගනයකුත් දකින්න ලැබෙයි. මේ වෙද්දි චිත්‍රපටිය IMDB හී 7.3/10 අගයක් හා Rotten Tomatoes හී 87% ක අගයක් ලබාගන්නත්, ආදායම් අතින් ඉහළ සාර්ථකත්වයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.











