EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Anand Sreebala (2024) | මිනීමැරුමක්ද සියදිවිනසාගැනීමක්ද?

 

 

ඉතිං මේක අර්ජුන් අශෝකන් ප්‍රධාන චරිත මවන mystery thriller ඝනයට වැටෙන චිත්‍රපටයක්. මවකගෙ ආදරය අවාසනාවන්ත ලෙස අහිමි උනත් ඇය ගැන සිතිවිල්ල එහෙමත් නැත්නම් ඇය තමන් අසල සිටින බව දැනෙන මායාකාරී සිතිවිල්ල  කොතරම් ප්‍රබලද?. ඉතිං අඩු වයසෙදි පොලිස් නිලධාරිණියක් වන මව දෑස් ඉදිරිපිට අහිමි වීමේ කම්පනය සමග ඇති වුන මායාවකින් වෙළී සිටින තරුණයෙක්ගෙ එකම බලාපොරොත්තුව පොලිස් නිලධාරියෙක් වීම. එය ඉටු උනත් නැතත් මිය ගිය තරුණියක් වෙනුවෙන් යුක්තිය ඉටු කර ලීම සඳහා එම නොවිසඳුනු විසඳීමට ඉදිරිපත් වීමත් ඔහු පොලිසිය සමග ඇති වම ඝට්ටනයත් අවසානයේ කුමක් වෙයිද යන්න මෙය නරඹා සොයා ගන්න. ඉතිං අනිවාර්‍යයෙන්ම බැලිය යුතු තවත් ලස්සන මලයාලමක් කියන එක මම සහතික කරනවා.

අපර්ණා දාස්. සයිජු කුරුප්, සිද්දික්,අජු වර්ගීස්, ධ්‍යාන් ශ්‍රීනිවසන්, මාලවිකා මනෝජ්, සංගීතා මාධවන් නායර් සහා ඉන්ද්‍රන්ස් මෙහි ඉන්නවා. විශ්ණු විනේ මෙය අධ්‍යක්ශණය කර තිබෙනවා.

Comments