EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Animal (2023) | “පිය සෙනෙහස වෙනුවෙන්”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Sandeep Reddy Vanga විසින් අධ්‍යක්ෂණය කරන ලද බොක්ස් ඔෆිස් හි නොසිතූ පෙරලියක් කල Animal චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. Action සහ Romance ඝණයට අයත් මෙය A කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. (වැඩිහිටි) ඒ ඇයි කියලා පොඩි අදහසක් ගන්න ඕන නම් අපෙ zoom.lk Fb පේජ් එකෙ වීඩියො එකකුත් දාලා ඇති බලන්නකො.

හරි , කතාව සම්පූර්ණෙන්ම කාමය සහ ඇක්ශන් අඩංඟු වෙලා තියෙන්නේ. විජෙයි කියන්නේ මුළු ලෝකෙන්ම අංක 1 පියාව කරගත්තු ළමයෙක්. නමුත් ඔහුගෙ තාත්තව ඔහුට දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඒ පියාගේ අධික කාර්‍යබහුලත්වය නිසායි. නමුත් විජයිගෙ වීරයා තමයි තාත්තා. විජෙයි පවුලෙ අය වෙනුවෙන් ඕනම දුරකට යන්න ලෑස්ති කෙනෙක්.

කතාව ගැන ඉතාම කෙටියෙන් කියනව නම්, සිය පියාට එල්ල වෙන වෙඩි ප්‍රහාර යක් නිසා, ඇමෙරිකාවෙ ඉදලා විජෙයි ඉන්දියාවට එනවා. ඉතිං ඔහුගෙ වීරයාට ප්‍රශ්නයක් නම් ඔහු බලන් ඉන්නෙ නෑ. මොකද විජෙයි කියන විදියට Papa Meri Jaan. එයාගෙ පණ තමයි තාත්තා.

ඉතින් කතාවෙ තියෙන්නෙ ඔහු තාත්තට ප්‍රහාර එල්ල කල කෙනාව හොයලා පහර දෙන්න සූදානම් වීමක්. විශේෂෙන්ම මෙහි බොබී ඩියෝල් රංඟනයෙන් දායක වන කොටස නම් නියමෙටම තියෙනවා. අවසන් ෆයිට් එකත් නියමයි.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

January 26, 2024

thank you so much for this………………

January 27, 2024

දැන්ම kට abhi kushi kabhi gam එක දෙන්නෙ නැත්ද…? ගොඩක් කාලයක් ඉඳන් ඉල්ලන්නෙ…