EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAssassination Classroom (2015) AKA Ansatsu kyôshitsu | ගුරුවරයව ඝාතනය කරන්න උනොත්.
Assassination Classroom, මේ චිත්‍රපටිය 2015 නිකුත් වෙච්ච IMDB අගය 6.2 ක් සහ MyDramaList හි 7.7 ක අගයක් අරගත්තු චිත්‍රපටියක්. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ නමින්ම නිකුත් වුනු ඇනිමේ මාලාව පාදක කරගෙනයි. දැනට චිත්‍රපටි 2ක් නිකුත් වෙලා තියෙන මේ කතාවේ Ryosuke Yamada, Seishiro Kato, Kippei Shiina කියන නළු නිලියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ජපානය කියන්නේ කොහොමත් වෙනස්ම ආරෙකට චිත්‍රපටි නිෂ්පාදනය කරන රටක් බව මේකෙන්ම ඔප්පු වෙනවා.
කතාවට හරුණොත් (Spoiler Alert) : ඔන්න එක්තරා කහපාට බූවලු ජීවියෙක් පෘථිවියට කඩාපාත් වෙනවා. මෙයා එන්නේ හඳ භාගෙට භාගයක්ම විනාශ කරලයි. මෙයාගෙ අදහස තමා තව අවුරුද්දකින් මුලු පෘථිවියම සුන්නත් දූවිලි කරලා දාන එකයි. මෙයාට ඒක කරන්න බැරි වැඩකුත් නෙවෙයි. දන්නවද, මෙයාගෙ උපරිම වේගය ශබ්දයේ වේගය වගේ 20 ගුණයක් වෙනවා.
ඕං මෙයා ඒක එකපාරම නොකර ජපන් රජය එක්ක ගිවිසුමක් ගහනවා. රජයෙන් මෙයාව මරන්න පුළුවන් විදියේ Anti-ටීචර්ස් කියලා උපකරණ වගයක් යම් පිරිසකට ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ කාටද සහ ඝාතන පන්ති කාමරයක් බිහිවෙන විදිය දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා. ඒ ආරාධනයත් එක්ක මං සමුගන්නවා. 🤘



