EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageAzhar (2016) | ප්‍රතික්ෂේප වූ තරුවක්…
මේක ක්‍රිකට් ගැන ගෙතිලා තියන කතාවක්. ක්‍රිකට් කිව්වට ඊයේ පෙරේදා තිබ්බ ක්‍රිකට් නෙවෙයි අනූ ගනන් වල ක්‍රිකට්. චිත්‍රපට විචාරකයන්ට අනුව මේක ඒකාලේ හිටපු මොහොමඩ් අසුර්ධීන් ගේ ( Mohammad Azharuddin ) ජීවිත කතාව කියලත් තියනවා . IMDB රේටරේ 6.4 ක් කැරකිලා තියන ඉම්රාන් හශ්මිගේ (Emraan Hashmi ) සාර්ථක රංගන දායකත්වයක් සමගින් තමයි අසාර් ගොඩනැන්විලා තියෙන්නේ .විචාරකයන් කියන විදිහට මේක සාර්ථකයිලු . එහෙමට කියන්න වරදක් නැහැ .
මොහොමඩ් අසාර් තමයි අපේ ප්‍රධාන චරිතය . ඔහු හයිද්‍රාබාද් වලින් ආපු තරුණ දක්ශ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් . ඔහු තරමක් ආගම කෙරෙහි , විශ්වාස ඇදහිලි කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කෙනෙක් . එයාගේ සීයා කියනවා ඔහු ටෙස්ට් තරග සීයක් සෙල්ලම් කරනවා කියලා . කොහොම නමුත් මෙයා 99 වෙනි තරගය සෙල්ලම් කරාට පස්සේ මෙයාට ක්‍රිකට් සංගමයෙන් චෝදනාවක් . ඒ පැවති තරග තුනක් මිලියන 2.5 කට බුකීකරුවකුට පාවාදුන්නා කියලා .මේ චෝදනාව නිරාකරණය කරන තෙක් ඔහුට ක්‍රීඩා කිරිම තහනම් කරනවා . එතනින් තමයි එයාට වෙන්න පුලුවන් සියලු දේ වෙන්නේ. මෙයා එයාගේ කණ්ඩායමෙන් මේකට උදව් පැතුවත් හම්බෙන්නේ නැහැ . එයාලාගේ ඇග බේරගන්න ඕනි නිසා මොකද එයාලත් තව කාලයක් ක්‍රිකට් වල ඉන්න එපැයි . අන්තිමේදී එයා යනවා රෙඩී ව හම්බෙන්න .රෙඩී කියන්නේ එයාගේ පොඩි කාලේ යාලුවෙක් එයා නීතිඥවරයෙක් .එයා තමයි ඕන පිහිටකට ඉන්නේ. කොහොමහරි මෙයා මේ කේස් එක භාරගන්නවා . මෙයා ලන්ඩන් වල ඉද්දී තව ආදර පැටලවිල්ලකුත් යනවා . හයිද්‍රාබාද් වල නෞරීන් ඉද්දී ලන්ඩන් වලින් මුණගැහෙනවා ප්‍රසිද්ධ නිලියක් වෙන සංගීතා . අසාර්ට එයා කෙරෙහි ආදරයක් ඇති වෙනවා . නඩුව පැත්තෙන් එහෙම යද්දී භාර්‍යා දෙන්නගේ ප්‍රශ්නේ මෙහෙන් යනවා .
එහෙනම් මම යනවා.වැඩිය කියවන්න ගියාම මේකේ රස නැතිවෙනනේ. ෆිලුම බැලුවට පාඩු නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා .


