EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Baazigar (1993) | පළිගැනීමේ ක්‍රමවේදය..

නම Baazigar. 1993 අවුරුද්දේ තමා තිරගත වෙලා තියෙන්නේ.

මේ චිත්‍රපටය Khiladi(1992), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් එලෙසමයි. ෂාරුක් ඛාන්, කාජල්, ශිල්පා ශෙට්ටි, රාකී සමඟ ඩලිප් ටහිල් රංගනයෙන් දායක වෙනවා, IMDB අගය 8.0 ලබා ඇති මෙම චිත්‍රපටය A Kiss Before Dying(1956) නමැති හොලිවුඩ් චිත්‍රපටය අනුසාරයෙන් නිපද වී ඇත. ඒ වගේම මෙම චිත්‍රපටය ඇසුරු කරගෙන දමිල, තෙලිඟු, කන්නඩ යන භාෂා වලින් පසුව නැවත නිර්මාණය වී ඇත.

මෙම චිත්‍රපටය බොලිවුඩ් සිනමාවට නවමු අත්දැකීම් එක කල චිත්‍රපටයක්, Dilwale Dulhania Le Jayenge, Kuch Kuch Hota Hai, My Name Is Khan වැනි චිත්‍රපටවලින් අපි දුටු Shahrukh-Kajol සුසංයෝගය මුල් වරට දිස්වුනේ මේ චිත්‍රපටය හරහා, ඒ වගේම Shilpa Shetty රංගනයෙන් දායක වුනු ප්‍රථම චිත්‍රපටය මෙයයි, හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය අට වරක් දිනා ඇති කිංග් ඛාන්ගේ ප්‍රථම හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ මේ චිත්‍රපටය හරහායි. ඕ විස්තර වැඩි වගේනේ?..

කතාව කෙටියෙන් සරලව මං කියන්නම් අජේගේ(ෂාරුක්) පියාට හිමි දේපල චොප්රා(ඩලිප්) විසින් අයිති කරගන්නවා, පසු කලෙක චොප්රාගේ දියණියන් දෙදෙනා වන සීමා(ශිල්පා), ප්‍රියා(කාජල්) මාර්ගයෙන් ඒ දේපල නැවත ලබාගන්න අජේ විසින් දියත් කරන කුමන්ත්‍රණය තමා චිත්‍රපටය පුරාවටම ගලාගෙන යන්නේ. අපිට දැකලා හුරු පුරුදු ෂාරුක්ගේ ප්‍රේමාන්විත රංගනය නම් මෙහෙ දක්නට ලැබෙන්නේ නැහැ…

Comments

June 20, 2023

Thanks ❤️👍