EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBabli Bouncer (2022) Sinhala Subtitles | “දඟකාරියගේ සිහින ජීවිතය ” | සිංහල උපසිරැසි සමඟ
Babli Bouncer 2022 Sinhala Sub
Babli Bouncer 2022 Sinhala Subtitle
Babli Bouncer 2022 Sinhala Subtitles
ද අරං ඇවිල්ලා තියෙන්නෙ සැප්තැම්බර් 23 වන දින Disney + හරහා නිකුත්වූ මමත් හරි අසාවෙන් උපසිරැසි ගැන්වූ තවත් එක් සුන්දර චිත්‍රපටයක්. පැය 1 විනාඩි 58 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දොට්ට දාන කතාවක් තමයි මේක.. ඒ කිව්වේ… ? “මේක Bouncer රස්සාවක් ගැන ” තේරුනේ නෑ නේ ඉස්සරහට තේරෙයි. 8/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama කාණ්ඩයට අයත් හින්දි ඇතුළු භාෂා කිහිපයකින් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඒ අනුව සමස්ථයට ගැලපෙන පරිදි උපසිරැසි නිර්මාණය කර ඇත. මගේ කැමතිම නිළිය වන Tamannaah Bhatia ද ඇතුළුව Abhisheck Bajaj හා Sahil Vaid මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Madhur Bhandarkar විසින්.
කතාව ගැන කිව්වොත් එක ගමක් තියෙනවා කායවර්ධනයට ප්‍රසිද්ධ. මේක එසේ මෙසේ ගමක් නෙවෙයි මේකට Bouncer ගම කියලත් කියනවා. Bouncer කියන්නෙ සමන්‍යයෙන් සමාජ ශාලාවක Security කෙනෙන් වගේ කියලා සරලව හිතන්න කෝ.. ඉතිං මේ රස්සාවට හොඳට ඇඟ පත ඕන.. මෙි ගමේ ඉන්නෙ ඒවගේ හයි හත්තිය තියෙන උදවිය. හැබැයි මේ ගමේ ඉන්නවා එක දඟකාර මුරණ්ඩු කෙල්ලෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි. ගමේ කායවර්ධන ශිල්පියගෙ දුව ” බබ්ලි “. මෙයා හැමවෙලේම විනෝදෙන් විහිළුවෙන් ජීවිතේ ගෙවන කෙල්ලෙක්.. මේ කෙල්ලට තියෙන එකම කරදරේ තමයි විවාහය. කොහොම හරි විවාහෙ මඟහරින එක තමයි මෙයාගෙ උත්සාහය… හැබැයි විවාහයකට කැමති නැතුවාමත් නෙවෙයි තව මෙයාට රස්සාවකුත් ඕනලු.. හැබැයි ඉගෙනීම නම් අන්තිමයි… තව දෙයක් ගමේ කරන්න රස්සාවකුත් නැ.. ඇත්තටම කව්ද මේ බබ්ලි…? මේකි මොනාද මේ කට්ටි පැන පැන කරන්න යන්නේ…? බබ්ලිට රස්සාවක් හම්බුනාද නැද්ද…? හම්බුනානම් මොකක්ද ඒ රස්සාව..? ඒ ගැන දැනගන්න නම් Babli Bouncer අනිවාර්යයෙන්ම නරඹන්න ★







