EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bad Boys 2 (2003) with Sinhala Subtitles | දෙවැනි වෙඩිමුරය

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ Bad Boys කතාමාලාවේ දෙවෙනි කොටසේ යාවත්කාලීන කරන ලද නිවැරදි උපසිරැසියයි. පලවෙනි කොටස දීලා යම් කාලයක් ගතවුනේ තියෙන අධික කාර්‍යබුලත්වය නිසා මේකට අතගහන්න බැරි උන හේතුවයි. පැරණි චිත්‍රපට වල අඩුපාඩු මකාදමන්නට අප ගන්නා වෑයමේ තවත් ප්‍රථිපලයක් තමයි මේක. එහෙනම් වැඩිය කතා නැතුව කෙටිම කෙටි හැඳින්වීමක් ලබාදෙන්නම්.

හැමෝම පලවෙනි කතාව බලලා ඇති කියල හිතනව. එහෙම නැත්තන් උඩ ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඒක බාගෙන ඉන්න. පලවෙනි කතාවෙදී හැමෝම අඳුරගන්න ඇති මයික් සහ මාර්කස් කියන්නේ මත්ද්‍රව්‍ය වැටලීම් කාර්‍යංශයේ නිලධාරීන් දෙදෙනෙක් කියලා. පලවෙනි කොටස බලපු අයට මතක ඇති මේ දෙන්නා ෆෝශේ කියන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවව අනාවරණය කරගෙන වැටලීම සිදුකල ආකාරය. ඒ මෙහෙයුමෙන් අවුරුදු 8කට පස්සේ තමයි මේ සිදුවීම සිද්ධවෙන්නේ. මෙවර මොවුන්ට ලැබෙන අභියෝගකරුවත් ලේසි පහසු අයෙක් වන්නේ නෑ. ඔහුත් මියාමි නගරයේ මත්ද්‍රව්‍ය අධිපති වෙන්න මාන බලමින් සිටින ජාවාරම්කරුවෙක්.

සුපුරුදු පරිදි සුපිරි අධ්‍යක්ශක මයිකල් බේ ගේ අධ්‍යක්ශනයෙක් හැඩවූ මේ චිත්‍රපටයත් මිලියන 130ක පිරිවැයකින් නිපදවා මිලියන 274කට ආසන්න මුදලක් උපයාගෙන තියෙනව. ඒවගේම 6.6 ක IMDb අගයක් සහ ගූගල් පරිශීලකයින්ගෙ 91%ක මනාප අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනව. ඒක නිසා ඉතින් කතාව ගැන කිසිම දෙයක් නොකියාම මං ලිපිය අවසන් කරන්න හිතුවා. මොකද මං කියනවට වඩා ඔයාලම චිත්‍රපිය බලලා අදහස් කියාගෙන යන එක වටිනවනේ. එහෙනම් මේ කොටස බලල ඉවර වෙලා මතක ඇතුව මෙහි තුන්වන දිගහැරුම වන Bad Boys For Life චිත්‍රපටයත් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං ලිපිය අවසන් කරනවා.

Comments