EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Badrinath (2011) | ආගමයි, නීතියයි, ආදරයයි

බද්‍රිනාත් කියන්නේ දේවස්ථානයක්. ඉතිං මේ දේවස්ථානය තමයි සියළු දේවස්ථාන අතරින් ප්‍රධානම දේවස්ථානය. භීෂ්ම නාරායන කියන තැනැත්තෙක් තමයි පාලනය කරන්නෙ. ඉතිං මොහු සමස්ථ සටන් කලාවම ප්‍රගුණ කරපු සහ ඒවා ශිෂ්‍යයින්ට උගන්වන ගුරුවරයෙක්.

බද්‍රිනාත් දේවස්ථානය ඇතුළු සෙසු දේවාලයන් සියල්ලම ආරක්ෂා කරන්න මොහු විසින් දේවාල ආරක්ෂකයින්ව පුහුණු කරවනවා. ඒ අතරින් බද්‍රිනාත් දේවස්ථානය ආරක්ෂා කරන්න තමයි අපේ කතාවෙ වීරයා බද්‍රිට පැවරෙන්නේ. ඒවගේම ඔහු තමයි මේ ගුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යා වෙන්නෙත්.

කටයුතු සියල්ල සාමකාමීව සිදුවේගෙන යනකොට, එක්තරා දිනයක මෙම දේවාලයට පැමිණෙන සල්ලිකාර , අහංකාර කෙල්ලෙක් බද්‍රිනාත් දේවස්ථානයේ පහනක් නිවනවා හැමෝම ඉස්සරහා අහංකාරෙන්. මේක දැකපු බද්‍රි, ඇයව උස්සා අසල වූ ගංඟාවට විසි කරනවා පාලමක් උඩ ඉදලා.

ඒ පහණ නිවා දැමුවාට ඇයට පහන් ලක්ෂයක් දල්වන්නත් වෙනවා. ඉතිං ඔහොම යනකොට ඇයට බද්‍රි කෙරෙහි ආදරයක් හට ගන්නවා. නමුත් යම් සිදුවීමක් නිසා බද්‍රිව ඇයට නොලැබෙන තැනට කටයුතු වෙනවා. නමුත් මේ දේවස්ථානයේ යම් පිළිවෙතක් තියෙනවා, ඒ දේ කලාම තමන්ගෙ සිතේ තියෙන දේ ඉටු වෙනවා. මේ කටයුත්තෙ නිරතවෙමින් සිටින කොට තමයි ඒ කෙල්ලගෙ (ආලකනන්දා) පසුබිමෙ ඉන්න චරිත එළියට එන්නේ. මැයගෙ නැන්දනිය බලෙන්ම මැයව ඇයගෙ පුතාට කසාද බන්දන්න තමයි උත්සහ කරන්නේ.

බොහෝ මැරයන් සිටින නැන්දනිය, සර්කාර් නම් ප්‍රසිද්ධ මැරයෙක්ගෙ බිරිදක්. ඉතිං බද්‍රිනාත් වෙතත් මේ මැරයින් ළගා වෙනවා. ඊට පස්සෙ බද්‍රිත් මේ දේවල් වලට පැටලිලා බොහෝ සිදුවීම් වන්නට ගන්නවා. පසුව බද්‍රිව අභිබවා නැන්දනිය විසින් මැයව අරන් යනවා.

කාලය ගෙවෙනවත් එක්කම ආලකනන්දාත් ඇයව යළිත් නැන්දනියගෙන් මුදාගන්න බද්‍රි එයි කියලා බලන් ඉන්නවා. නමුත් බද්‍රි දන්නෙ නෑ ඇය ඔහුට ආදරය කරන බක්වත්. ඒවගේම ගුරුතුමාද බද්‍රිට ආලකනන්දා එක්ක සිටින එකට කැමැත්තක් දක්වන්නෙ නෑ. බද්‍රි ඉතිං ගුරුතුමා කියන ඕනෙම දෙයක් කරන කෙනෙක්.

ඉතිං මේ සිරකාර ආලකනන්දාව මුදාගැනීමට රණශූර බද්‍රි හට පුළුවන් වෙයිද?

Comments