EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bhoot (2003) | වියරු වැටුනු ආත්මයක්…

කොහොමද යාලුවනේ, අද මන් අරගෙන ආවෙ හොඳටම බය වෙන්න පුලුවන් ජාතියෙ හොල්මන් කතාවක් අරගෙන. හුඟක් අය නම් අහලත් ඇති, බලලත් ඇති. 2003 වර්ශයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.4ක් ලබා ගෙන තියෙනවා. අද්‍යක්ශනය කරල තියෙන්නෙ නම් Ram Gopal Varma විසින්. දන්නවනෙ ඉතින් එයාගෙ චිත්‍රපටි වලට වැඩිය බය හිතෙන්නෙ එහෙම නෑ කියල. රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgan,Urmila Matondkar සහ Rekha. Urmila Matondkar හට මෙහි රංගනය වෙනුවෙන් සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. පසුව මෙය තෙලිඟු භාශාවෙන් 12 Va Anthasthu සහ දමිල බසින් Shock ලෙස නැවත නිශ්පාදනය වුනා. ඒ වගේම මෙහි දෙවන කොටසක් ලෙස Bhoot Returns නිපදවුනා. Salim-Sulaiman ගේ සංගීතයෙන් හැඩවුනු ගීත 8ක් ඇතුලත් ඇල්බමයක් නිකුත් වූවත් චිත්‍රපටියට ඇතුලත් කරනු ලැබුවේ එක් ගීතයක් පමනයි.(අවසානයේ යන සිංදුව) කතාව ගැන කියනව නම්, විශාල් සහ ස්වාති කියන්නෙ බැදපු යුවලක්. පදිංචියට නිවසක් හොයන අතරෙ දවසක් විසාල්ට හම්බ වෙනවා ෆ්ලැට් එකක 12 වෙනි තට්ටුවෙ තියෙන ගෙයක්. ඒත් මේ ගෙදර කලින් පදිංචි වෙලා හිටපු මන්ජීත් කියන ගෑනු කෙනෙක් තමන්ගෙ පුංචි පුතාවත් මරලා බැල්කනියෙන් පැනලා සිය දිවි හානි කරගෙන තියෙනවා. විශාල් මේ මුකුත් ගනන් ගන්නෙ නැතුව ස්වාතිට ඒ ගැන කියන්නෙත් නැතුව දෙන්නම ඒ ගෙදර පදිංචියට යනවා.

ටික දවසක් යද්දි ස්වාති අමුතු වෙන්න පටන් ගන් නවා. හීනෙන් ඇවිදිනවා. විශාල් හිතන්නෙ මේක මානසික ලෙඩක් කියල ස්වාතිව ප්‍රතිකාර සඳහා රෝහලට අරන් යනවා. දවසක්, ස්වාති හීනෙන් ඇවිදල ගිහින් ෆ්ලැට් එක මුර කරන්න ඉන්න මුරකාරයවත් මරනවා. ඒ අතරෙ ආවේස වෙලා දඟලනවා. ස්වාති කියන්නෙ එයාට මන්ජීත්ව පේනවා කියලයි. ගෙදර වැඩ කරන කෙනාගෙ කීමට විශාල් ගිහින් එක්කගෙන එනව බූත වැඩ කරන කෙනෙක්ව. බැලින්නම් ස්වාතිට ඇත්තටම ආවේස වෙලා තියෙන්නෙ මන්ජීත්ව. දැන් ඇති නේද කිව්ව? මන්ජීත් සිය දිවි නහ ගත්තද? මැරුවද? ස්වාතිට වැහිල ඉන්නෙ මන් ජීත්ද? ඒ ඇයි? ස්වාතිට ගැලවෙන්න පුලුවන් වෙයිද? ඉතුරු ටික ඔයාලට බාරයි. බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

Comments