EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBhoothnath (2008) | පිය සෙනෙහට කවි ගී ලියැවුනා මදී ….
“භූත්නාත්“ කියන්නේ කවුද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. නම ඇහුවමත් තේරෙනවා නේ? නේද? ඔයාලට හිතෙනව ඇති භූත කතාවකට ඇයි මේ වගේ සිංදුවක පද පේලියක් මම දැම්මේ කියලා. ඇත්තට ම ඒකට හේතුවක් තියනවා.
මේ සිනමාපටය පුරාවටම තියෙන්නේ භූත්නාත් ගේ ජීවත කතාව. ඇත්තට ම තවත් එක තාත්තා කෙනෙක් ගැන කාතවක් තමයි මේ තියෙන්නේ. මේ කතාව බලන්න. සමහරවිට මේ කතාව ඔයාලගේ තාත්තලා ගැන වෙන්න පුලුවන්.
මේකේ කතාව ගැන මං ඔයාලට කියන්න යන්නේ නෑ. ඒත් මේ ටිකනම් කියන්න ම ඕන. ඔයාලා අහල තියනව ද කතාවක් “උනහපුලුවට උගේ පැටියා මැණිකක්“ කියලා? ඒ වගේ තමයි, ඔයාලගේ අම්මලා තාත්තලා ට ඔයාලව රං, රිදී ,මුතු ,මැණික් වලට වඩා කෝටියක් වටිනවා. ඔයාලා වෙනුවෙන් එයාලා කොච්චර දුක් විදිනවද? ඔයාල දැකල තියනවද ඒක? එයාලට ඔයාලා වෙනුවෙන් කරන්න බැරිදෙයක් මේ ලෝකේ නැහැ. ඔයාලත් ඒ ආදරෙන් ටිකකට හරියන්න හරි ඔයාලගේ අම්මලා තාත්තලා ට ආදරේ කරන්න. සලකන්න. හැමවෙලාවක ම තමන්ගේ ජීවිතේ මුල්තැන එයාලට දෙන්න.


