EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Big World (2024) | පුංචි මම

 

සමාජයේ ප්‍රශ්න වලට මුහුණ දෙන “මස්තිෂ්ක ආඝාත” රෝගය සහිත තරුණයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව සංවේදී කතාවක් ඇතුලත් “Big World” ලෝකයේම අවධානය දිනාගත් චිත්‍රපටයකි.

2024 වසරේදී නිකුත් වූ “Big World” චීන චිත්‍රපටය IMDB 7.3 ක අගයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර එහි සංවේදී කතාව සහ දෑස් ඇද බැද තබා ගන්නා රංගනය මුළු ලෝකයේම පැසසුමට ලක්විය.. යැං ලීනා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය මගින් තම රෝගී තත්ත්වයේ අභියෝග ජය ගනිමින්, අභිමානවත් සහ අරමුණක් සහිත ජීවිතයක් ගත කිරීමට දරන උත්සාහය මැනවින් නිරූපණය කරයි..

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලියු චුන්හේ ලෙස, සම්මානනීය නළු ජැක්සන් යී රංගනයෙන් දායක වන අතර ඔහුගේ රංඟන හැකියාව මෙහිදී කැපී පෙනේ. තම ආච්චිගේ ගුරුවරයෙකු වීමේ සිහිනය සැබෑ කිරීමට ඔහු ගන්නා උත්සාහය වටා කතාව ගෙතී ඇති අතර, එම ගමනේදී ඔහුට සමාජීය අගතීන්ට සහ තම පවුලේ ප්‍රශ්න වලට  මුහුණ දීමට සිදු වේ..

මෙම චිත්‍රපටය 2024 දෙසැම්බර් 27 වන දින චීනයේ තිරගත වීමටත් පෙර, කීර්තිමත් ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී ප්‍රථම වරට තිරගත වූ අතර එතැන් සිට එය විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් යන දෙපාර්ශවයෙන්ම යහපත් ප්‍රතිචාර ලබාගෙන, සැලකිය යුතු බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක්ද වාර්තා කරගෙන ඇත. චිත්‍රපටයේ හදවතට දැනෙන කතාව සහ එහි ප්‍රධාන චරිතයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ විශේෂ පැසසුමට ලක්වී තිබේ. වෙනස්කම් ඇති පුද්ගලයින් සඳහා බොහෝ විට අභියෝගාත්මක විය හැකි ලෝකයක් තුළ, මිනිස් ආත්මයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් ලෙස “Big World” චිත්‍රපටය ඉහළ ආදරශයක් ලෝකයට ලබා දේ..

Comments