EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBlame! (2017) | මනුෂ්‍යත්වය සුරැකීම උදෙසා
මේක 2003 වර්ෂයේදී ජපානයේ විකාශය වුනු Blame! ඇනිමේෂන් කතා මාලාව ඇසුරෙන් තමයි නැවත නිර්මාණය වෙන්නේ. දුර ඈත තාක්ෂණික අනාගතයේදී මිනිස්සුන්ට “වසංගතය” නම් වූ සිද්ධියක් නිසා නගරයට සම්බන්ධ වෙන්න තියෙන හැකියාව අහිමි වී ගොස් නගරයේ ක්‍රියාකාරකම් යන්ත්‍ර මගින් පාලනය කරන්න ගන්නවා. එයින් පසුව නගරයේ ඉන්න සියලුම මිනිසුන්ව මුරකාවල නම් ආරක්‍ෂිත පද්ධතිය මඟින් අතුගා දමන්න පටන් ගන්නවා. දිවි ගලවාගන්න සමත්වෙන යම් යම් පිරිස් නගරයේ නොයෙක් තැන්වල සැඟවී ජීවත් වෙනවා. අන්න ඒ වගේ කණ්ඩායමක් තමයි ඉලෙක්ට්‍රෝ-ෆිෂර්ලා කියන්නේ. ඒත් මේ අයට එහෙම හැමදාම හැංගිලා ඉන්න බෑ. මොකද මෙයාලට කෑම හොයාගන්න අවශ්‍යයි. එහෙම යනකොට ගොඩක් දෙනා කණ්ඩායමට අහිමි වෙනවා. නමුත් අන් විකල්පයක් නොමැතිකම නිසා මේ කණ්ඩායමේ සූරූ කියන තරුණ ගැහැණු ළමයා ඇතුළු පිරිසක් ආහාර සොයා පිටත් වෙනවා. ඒ ගමනේදී මෙයාලව මුරකාවලට අහු වෙනවා. ඒ වෙලාවේ මෙයාලව යාන්ත්‍රික භට පිරිසෙන් බේරාගන්නේ “කිලී” නම් වූ පුද්ගලයායි. මෙයාව හමුවීමෙන් පසු බොහෝ දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද කිලී යම් දෙයක් දන්නවා නැවත මිනිස්සුන්ට නගරයේ පාලනය අරගන්න පුළුවන් ක්‍රමයක් ගැන.
හොඳයි එහෙනම්. කතාව ගැන මම විස්තර කරා ඇති. ඉතිරි හරිය ඔයාලම අරගෙන බලන්න. මම ඔය කිව්වේ කතාවෙන් බොහොම පුංචි කොටසක් විතරයි. ඇනිම් පිස්සන්ට නම් ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.



