CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Boonie Bears Homeward Journey (2013) | කැළෑ කන්නගෙ ගෙදර බලා යන මෙහෙයුම

 

කැළෑ කන්නා හෙවත් ලොගර් වික්  තවත් දීර්ඝ වසරක් අවසානයේදි එලඹෙන අලුත් අවුරුද්ද එයාගෙ දෙමව්පියන් සමග ගත කරන්න යන්න සැලසුම් කරනවා.ඒත් කන්නා ගාව තියෙන සොච්චම් සල්ලියෙන් කෝච්චි ටිකට් එකවත් ගන්න තරම් ප්‍රමාණවත් නෑ කියලා දැනගන්නවා.මේ නිසා ගෙදර යන්න කෝච්චි ටිකට් එක ගන්න අවශ්‍යය කරන මුදල හොයාගන්න පොර තමන් දන්න එකම කර්මාන්තය වෙන ගස් කැපීම වෙත පිවිසෙනවා. කැළැ කන්නාගෙ මේ ගස් කැපීමට විරුද්ධව අපෙ සුපුරුදු වලස් අයිය මලෝ දෙන්නා තව යාළුවෝ සෙට් එකක් (තමා කැලේ රජා කියලා කියා ගත්ත පොරකුත් ඇතුළුව) කන්නට විරැද්ධව සටන් වදිනවා.මේකෙද කන්නා එක එක නව සොයාගැනීමුත් කරනවා කොහොම හරි ගහක් බිම දාගන්න.මේ සිද්ද වෙන අල කලංචිය නිසා කැලෑ කන්නගෙ ගෙදර බලා යන සිහිනය බොඳ වෙනවා කියලා කන්නා හිතා ගන්නවා.හැබැයි මේකෙන් වලස් ඩබලට ෆුල් අවුල් නිසා කන්නව කොහොම හරි ගෙදර අරන් යන්න තමා බලන්නේ.

  1. එහෙනම් කැළැ කන්නාගෙ ගෙදර බලා යන සිහිනය සිහිනයක්ම වෙයිද ?
  2. වලස් සහෝදරයොයි කැලෑ කන්නයි එකතු වෙලා එකට වැඩක් කරයිද ?

මේ ඔක්කොටම පිළිතුරු ඔයාලා බලලා  හොයාගන්න කියලා ඉල්ලමින් අදට මම යනවා.

කැළෑ කන්නා කියන නම මම ෆිල්ම් එක පුරාවටම යොදාගත්තා මොකද අපිට සුපුරුදු රසය නැත්නම් නැතිවෙන නිසා.

ඒ වගේම අන්තිමට යන ක්‍රෙඩිට් සීන් එකත් අමතක නොකරම බලන්න

මතක ඇතිව මේ මහන්සි වෙලා කට්ටක් කාලා හදන සබ් වලට වචනෙකින් පොඩි හරි අදහසක් දීලා යන්න කියලා ඉල්ලන ගමන් අදට මම ගියා.

ඉක්මනටම ආයෙත් උපසිරැසියකින් හමුවෙනකම් ,

♪ දහවලෙහි, භයානක කම බලන්න ♪
♪ මට නිදාගන්නවත් බෑ.. ♪
♪ සල්ලි මදි නිසා ♪
♪ ඒත් ආසාව නම්  
♪ මට අවශ්‍ය දේ සහතිකයි ♪
♪ ඒක නිකන් කොල කෑල්ලක්! ♪
♪ මම අම්මගෙයි තාත්තගෙයි ගෙදර යන ගමන මඟ හරින්න ඕනද ♪
♪ ඒ වෙනුවෙන් මහන්සි වෙන්නද? ♪
♪ දුම්රිය ටිකට් පතක් සිහිනයක් පමණයි ♪
♪ මගේ දණහිස් වෙව්ලන්න පටන් ගන්නවා ♪
♪ මගේ ඇඟ රිදෙනවා ♪

 

 

Comments