EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Boruto: Naruto the Movie (2015) | බොරුටෝ

Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ තමයි තිරගත වෙන්නෙ. IMDb Ratingsවල 8.3ක් වගේ ඉහල අගයක් වාර්තාකරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. චිත්‍රපටියේ කතාව දිහාට හැරුනොත්, මේ කතාවේ ප්‍රධාන චරිත තමයි බොරුටෝ උසුමාකි, සරඩා උචිහා, මිට්සුකි කියන කට්ටිය. මේ චිත්‍රපටිය ඇරඹෙන්නේ සස්කේ උචිහා කගුයා මාලිගාවෙන් ලියවිල්ලක් අරගෙන එන්න ගියාම එතැනදී ඇතිවෙන සටනකින්. බොරුටෝ, සරඩා, මිට්සුකි කියන තුන්දෙනා Chunin විභාගයට මුහුණදෙන්න ඉන්න කණ්ඩායමක්. බොරුටෝ එයාගෙ තාත්තා නරුටෝත් එක්ක ඉන්නෙ සෑහෙන්න තරහකින්. ඒකට හේතුව තමයි එයා හිතාගෙන ඉන්නෙ එයාගෙ තාත්තගේ කාර්යබහුලකම නිසා එයා බොරුටෝයි එයාගෙ නංගි ගැනයි හොයල බලන්නේ නෑ කියලා. මුලින්ම Chunin විභාගයට යන්නෙ නැහැයි කියල හිතන් ඉන්න බොරුටෝ, තාත්තට එයාගෙ හැකියාව පෙන්නන්නම ඕනේ කියල හිතිලා මේකට සහභාගිවෙන්න ඕනේ කියල තීරණය කරනවා. බොරුටෝ තමන්ගේ ගුරුවරයා විදිහට සරඩාගේ තාත්තා සස්කේව තෝරගන්නවා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මේ තුන්දෙනාගේ කණ්ඩායම Chunin විභාගය සමත්වෙයිද, විභාගය අතරතුර මොනවා සිද්ධවෙයිද, බොරුටෝ තමාගේ ගුරුවරයා විදිහට සස්කෙවම තෝරාගන්නේ ඇයි, බොරුටෝයි එයාගෙ තාත්තයි අතර සම්බන්ධයට මොනවා වෙයිද, මිට්සුකි කියන්නේ කවුද කියන ප්‍රශ්නවලට උත්තර ඔයාලට මේ චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්. කලින් කියන්න බැරිවුනානේ බොරුටෝයි සරඩායි එක්ක එකම කණ්ඩායමේ හිටියට එයාලා දන්නෙ නෑ මිට්සුකි කියන්නේ කාගේ කවුද කියලා.

Comments