EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Boston Strangler (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Mariela Comitini, Matt Ruskin
Country:United States of America
Year:2023
Subtitle By: ප්රබුද්ධ කේසර විතානගේ (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageBoston Strangler (2023) | බොස්ටන් ගෙල සිර කරන්නා
අපි සිනමාපටයේ කතාවට යොමුවෙමු. 1962 දී ‘බොස්ටන් රෙකෝඩ් ඇමරිකන්’ පුවත්පතේ වාර්තාකාරිණියක වුණු ලොරේටා මැක්ලොග්ලින් බොස්ටන් ප්‍රදේශයේ සිය නිවාස වල දූෂණයට ලක් කර ගෙල සිර කර මරා දැමුණු වයෝවෘද්ධ කාන්තාවන් තුන් දෙනෙකුගේ ඝාතන ගැන ගවේෂණය කරමින් වාර්තා කිරීම ආරම්භ කරනවා. මෙතැනදී කාගේවත් අවධානය යොමු නොවුණු කාරණයක් ඇය සොයාගන්නවා. ඒ වින්දිතයන් තිදෙනාගේම ගෙලේ සේද මේස් එකකින් බෝ එකක් ගැටගසා තිබීමයි. ඇය ඒ ඒ අපරාධයන් විමර්ෂණය කළ නිළධාරීන් හමුවී මේ කරුණ තහවුරු කරගන්නවා. මේ අනුව මේ ඝාතන තුනම එක් දාම ඝාතකයෙකු විසින් කරන ලද්දක් යැයි ඇය මතයක් පළ කරනවා. මේ දාම ඝාතකයාගේ සිව්වැනි ඝාතනයත් සිදු වීමෙන් පසුව, රෙකෝඩ් ඇමරිකන් ආයතනයේ තවත් ජීන් කෝල් නම් මාධ්‍යවෙදිනියක් ද ඇයගේ ගවේෂණයට හවුල් වෙනවා. ලොරේටාගේ වගකීම් බහුල ජනමාධ්‍ය වෘත්තීය ඇයගේ පෞද්ගලික ජිවිතයට, පවුල් ජීවිතයට බලපානවා. මේ අතර විවිධ අභියෝග මැද පොලිසිය ද විමර්ෂණ දිගින් දිගටම දියත් කරනවා. පොලිසියට හෝ ලොරේටාට මේ මිනීමරුවා අනාවරණය කරගත හැකිවෙයිද? මේ සිනමාපටය බලලාම අපි ඒ ගැන දැනගනිමු.











