EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Brahmotsavam (2016) | හොඳම සැණකෙළිය

 

අපිට කවදාවත් තනිව ජීවත් වෙලා ඉන්න පුලුවන්ද? ටික දවසක් එහෙම පුලුවන් වුනත් ජීවිත කාලයම එහෙම ඉන්න පුලුවන්ද? අමාරුයි නේද? ඒත් විස්සක් තිහක් ඉන්න පවුලක් එක්ක ජීවත් වෙලා ඉන්න පුලුවන් නම් මොන තරම් අපූරුද?කොහොමට තියේවිද?ගෙදර එකම උත්සවයක් වගේ තියේවි. ඒ තමයි බ්‍රහ්මෝත්සවය.

ඔන්න එහෙනම් තවත් තෙලුගු චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මේ චිත්‍රපටය පුරාවටම ඉස්මතු වෙන්නේ පවුලක් විදිහට ජීවත් වීමේ වැදගත්කම සහ පවුල විසිරී යාමට නොදී තබා ගැනීමට දරන උත්සහය ගැනයි. 2016 මැයි මාසේ නිකුත් වුන මේ චිත්‍රපටය Srikanth Addala ගේ අධ්‍යක්ෂණයක්. Prasad V. Potluri සහ Mahesh Babuගේ නිෂ්පාදනයක්. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ මහේශ් බාබු, කාජල් අගර්වාල් සහ සමන්තා විසින්.

කතාව
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන අජේ කියන්නේ විශාල පවුලක සාමාජිකයෙක්. සත්‍යරාජ් නැත්නම් අජේගේ තාත්තා තමයි මේ පවුලේ ප්‍රධානියා. මෙයාව ලඟින්ම ආශ්‍රය කරපු කෙනා තමයි අජේගේ මාමා. කොච්චර ලඟින් ආශ්‍රය කරත්, මෙයාට වැඩි සැළකිල්ලක් නැති ‍නිසා එයා ඉන්නේ ටිකක් කනස්සල්ලෙන්. කොහොම හරි දේපළ අයිති කරගන්න හිතාගෙන එයාගේ දුවව ‍අජේට බන්දලා දෙන්නයි මෙයාගේ අදහස තිබ්බේ. ඒත් හදිස්සියේම සත්‍යරාජ්ගේ යාලුවෙක්ගේ දුවෙක් පිට රට ඉඳන් එනවා මෙහේ නවතින්න. ඒ තමයි කාසි. දැන් ඉතින් තේරෙනවා ඇතිනේ සිද්දිය. ඔතනින් තමයි මේ පවුලේ ලොකු දෙදරා වැටීමක් සිද්ද වෙන්නේ. ඔය මම කිව්වේ කතාවේ මුල් ටික. මැදකදී මේකට තවත් කෙනෙක් එකතු වෙනවා. ඔය විදිහට කඩාවැටීමේ ලකුණු ‍පහළවෙන මේ පවුල රැක ගැනීමට දරන උත්සාහය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.

Comments