CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
892 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Brake (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Brake (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 22, 2012United States92 Min.
Your rating: 0
4 1 vote
Brake (2012) | සතුරා, සැමදා සතුරෙක්මය

 

ජෙරමි රෙයින්ස් නිව් යෝර්ක් නගරයට සාමාන්‍යයෙන් එන්නේ සූදු කෙලින්න. එහෙම සූදුවට ගිහින් මෝර්ගන් කියන පුද්ගලයාට ණයත් වෙනවා. හැබැයි මේදා පාර නම් නිව්යෝර්ක් වලට ආවේ එහෙම දෙයකට නෙමේ. මොර්ගන්ට තියෙන ණය ගෙවල දාලා සූදුව නිසාම දෙදරමින් තියෙන තමන්ගේ විවාහ දිවිය නැවත හරිගස්සගෙන… තමන්ගේ ආදරණිය බිරිද මොලිට හොද ස්වාමිපුරුෂයෙක් වෙන්න. අනාගතය හොදින්, සතුටින් ලස්සනට ගතකරන්න. රෙයින්ස් ඔහොම අනාගතය ගැන දහසක් දේවල් හිතේ මවාගෙන අපනශාලවකින් හොදට සප්පායම් වෙලා එයින් එලියට එනවා.

මත් ගතිය නිසාම ඔහුට එතනින් එහාට කිසි දෙයක් මතක නැහැ. ඔහු නැවත සිහිය ලබන්නේ කළුවර, ඝනකම් විදුරු වලින් හදපු පෙට්ටියක් තුල. ඔහු දකින එකම දේ ඩිජිටල් ඔරලෝසුවක් වගේ දෙයක්… තප්පරෙන් තප්පරේ වෙලාව අඩුවෙමින් ඔහුට ඉහලින් ක්‍රියාත්මක වෙනවා…සාමාන්‍ය පුද්ගලයෙක්ට නම් මෙහෙම කලා කියලා කාටවත් වැඩක් නැති වෙයි. එත් ඇමෙරිකාවේ ජාතික රහස් සංවිධානයේ විශේෂ නියෝජිතයෙක්ව හිරකරල ඔහුගෙන් ලබාගන්න පුළුවන් රහස් කොතරම් තිබේවිද… විශේෂ නියෝජිත ජෙරමි රෙයින්ස් කියන අපේ කතා නායකයාව විදුරු පෙට්ටියක හිරකරලා, ත්‍රස්තවාදී කණ්ඩායමක් උත්සහ කරන්නෙත් ඒ වගේ ඉතාමත් වැදගත්, ඇමරිකානු ජනාධිපතිගේ ජිවිතයට තර්ජනයක් එල්ල කරන්න පුළුවන් රහසක් ගැන. ධාවනය වෙමින් තිබෙන කාර් එකක ඩිකියක විදුරු පෙට්ටියක හිර වෙලා, ඉන්න තැනක්, යන තැනක් ගැන නොදන්නා, කොටින්ම එළියේ මොනවා වෙනවද කියලා කිසිම දෙයක් ගැන නොදන්නා…. කොටින්ම, තමන්ව මෙහෙම පැහැරගෙන වද දෙන්නේ කවුරුන්ද කියලවත් නොදන්නා මේ රහස් අංශයේ නියෝජිතයාට ජීවිතය බේරගන්න පුළුවන් එකම ක්‍රමය, ඉල්ලන දෙයක් දීලා පණ බේරගන්න ඒක විතරයි. එත් ඔවුන් ඉල්ලන්නේ එසේ මෙසේ දෙයක්ද… හදීසි ආරක්ෂක තත්වයකදී හෝ සතුරු ප්‍රහාරයකදී ජනාධිපති සහ ඔහුගේ පවුලේ අයත්, ඉහල ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාත් ආරක්ෂාව පිණිස සැගවෙන අධි ආරක්‍ෂිත “රූලේට්” නමින් හදුන්වන බංකර පද්ධතියක පිහිටීම පිළිබද විස්තර. මේ විස්තර දුන්නොත් ඇමෙරිකාවේ ජනාධිපති ඇතුළු ප්‍රධානින් ගණනාවකම ජිවිත අනතුරේ, නොදුන්නොත් තමාගේ ජිවිතේ අනතුරේ… සමහර විට තම ආදරණිය බිරිදගෙත්..

මම මෙච්චර වෙලා කිව්වේ 2012 වසරේ නිකුත් වූ අලුත්ම සිනමා නිර්මාණයක් ගැන. Gabe Torres නම් ඇමෙරිකානු සිනමා අධ්‍යක්ෂක විසින් නිර්මාණය කෙරුණු මෙම නිර්මාණයට Stephen Dorff, Chyler Leigh සහ JR Bourne යන ශිල්පීන් සහභාගී වෙනවා. මෙම නිර්මාණයේ කැපී පෙනෙන දෙයක් විදිහට රංගන ශිල්පීන්ගේ අඩුවත්.. දර්ශන තල සීමිත වීමත් මම දකිනවා. එත් මේක බලන්න වාඩි වුනොත් නම් ඉවර වෙනකම්ම නැගිටින හිතෙන එක නැහැ.

පොඩි අවවාදයක් දෙන්නම්… මෙහි අවසානයට වෙන දේ ගැන බලල ඉවර කරන්න කලින් තීරණයකට එන්න එපා. මම මොකද ඔබ හිතන දෙය කීයටවත් සිද්ද වෙනේ නැහැ. ඔබ දැන් හිතපු දේත් වෙන්නේ නැහැ 😀 . කොටින්ම හිත හිත ඉන්න නැතිව බාගෙන බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමන් කළුබෝවිල (Baiscopelk)
IMDb 6 /10 12,166 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Gabe Torres
Director

Cast

Stephen Dorff isJeremy Reins
Jeremy Reins
Chyler Leigh isMolly Reins
Molly Reins
JR Bourne isHenry Shaw
Henry Shaw
Tom Berenger isBen Reynolds
Ben Reynolds
Kali Rocha is911 Operator
911 Operator
Kent Shocknek isNews Anchor Jack Stern
News Anchor Jack Stern
Jaylen Moore isTraining Agent Ahmadyar
Training Agent Ahmadyar
Stephen J. Bridgewater isTraining Agent McClane
Training Agent McClane
Matthew Pollino isTraining Agent Dipego
Training Agent Dipego
Jason Raphael isParamedic
Paramedic

Similar titles

Thaanaa Serndha Koottam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaseela Biriyani (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Wick 3  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Italian Job (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Books of Blood (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mojin: The Lost Legend (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Next Avengers: Heroes of Tomorrow (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mummies (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mugamoodi (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vacation Friends 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published