EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBramayugam (2024) | උමතුවේ නවාතැන
රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටපු තවත් බොක්ස් ඔෆිස් වාර්ථා තබපු චිත්‍රපටයක් අද OTT නිකුත් උනා. ඉතිං එහි වැදගත් කම සලකා අදම එහි උපසිරැසිය ගෙන එන්න තීරණය කලා. මේ වසරේ නිකුත් වූ මලයාලි චිත්‍රපට අතරින් තුන් වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය තමයි මේ. මංජුමෙල් බෝයිස්, ප්‍රේමාලු යන නව පරපුරේ ශිල්පීන් රැගත් චිත්‍රපට වලට අමතරව ඉන්දීය රුපියල් කෝටි 50 ඉක්මවූ තෙවැනි චිත්‍රපටය මෙය, කළු සුදු චිත්‍රපටයක් වන මෙය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ කළු සුදු චිත්‍රපටය බවටද පත් උනා.
Bramayugam (2024) Sinhala Subtitles
17 වන සියවසේ සිදු වූ කතා පුවතක් ලෙස ගෙන එන මෙය Horror ඝනයේ චිත්‍ර පටයක්.වහල් සේවයේ යෙදෙමින් සිටි කුලහීන ගායක තරුණයෙකු ඉන් මිදී පළා ඒමේදී වනයේ අතරමං වී අනතුරුව ඉතා පැරණි අත්භූත මංදිරයකට ඇතුල් වෙනවා. එහි සිටින්නේ ස්වාමියා හා එක් සේවකයෙක් පමණයි.මුලින් ඔහු වෙත දක්වන ආගන්තුක සත්කාරයෙන් සතුටු වෙන තරුණයා පසුව තේරුම් ගන්නවා තමන් උගුලක වැටුන බව.ඒ කිසි දා ජය ගත නොහැකි දාදු කෙළියකට තම අනාගතය උගස් කර පරාජය වීමෙන් පසුවයි. අත්භූත බලයක් හිමි මේ මංදිර හිමි කරු කවුද? ඔහුගෙන් ගැලවී පළායා හැකි වේද? ඒ සම්බන්ධව දිග හැරෙන මේ කතා පුවත අධ්‍යක්ෂණය කරන්නේ කලින් භූත කල්‍යානම් චිත්‍ර පටය අධ්‍යක්ෂනය කල රාහුල් සදාසිවම් විසින්. මෙහි චරිත ඇත්තේ ඉතා සුළු ප්‍රමානයක්. මම්මූටි සමග අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත් භරතන්, මනිකන්දන් සහ අමල්ඩා ලිස් මෙහි චරිත නිරූපනය කරනවා.
Bramayugam (2024) Sinhala Subtitles
කළු සුදු වුවත් රඟපෑම්, කැමරාකරණය, සංගීතය, ශබ්ද පරිපාලනය ඇතුළු සියළු අංග ඉතා විශිෂ්ඨ ලෙස හසුරුවා තිබෙනවා. ඒ නිසා ඔබට කිසි අපහසුවකින් තොරව මෙය රස විඳිය හැකි බලන්නම ඕනෑ ඝණයේ චිත්‍රපටයක් බවට සහතික විය හැකියි











