CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2993 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 14, 2010India170 Min.
Your rating: 0
9 5 votes
Brindaavanam (2010)| සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් එතන….

ක්‍රිෂ් යි ඉන්දුයි කියන්නේ පෙම්වතුන් ක්‍රිෂ් කියන්නේ සල්ලිකාර පවුලක කොල්ලෙක් හැබැයි අනිත් සල්ලිකාර කොල්ලෝ වගේ නෙමෙයි මෙයා හොඳ කොල්ලෙක් අපේ භාෂාවෙන් කියනවනම් එල කොල්ලෙක්. ඉන්දුගේ හොඳම යාළුවා තමයි භූමි කියන්නේ, භූමිගේ තාත්තා වන භාණු ප්‍රසාද් විසින් ඇයව බන්දලා දෙන්න හදනවා ඔහුගේ නංගිගේ පුතාට ඒ යකා මහා මැරයෙක් (බලපල්ලකෝ මූ කරන්න යන දේ මේ අහිංසක කෙල්ලට කේන්තිත් යනවා මට….) භූමිගේ සීයා විසින් මේ කසාදය නවත්තන්න ඇයට නගරයේ පෙම්වතෙක් ඉන්නවා කියලා ඇයගේ තාත්තට කියනවා. ඇයගේ පෙම්වතාව නිවසට එක්කගෙන එන ලෙස භානු ප්‍රසාද් කියනවා. ඇත්තටම භූමිට නගරයේ පෙම්වතෙක් නෑ… මදැයි කොලා නේද ? ඔන්න දැන් තමයි අපි නියම කතාවට එන්ටර් වෙන්නේ, භූමිගේ හොඳම යාළුවා වන ඉන්දු එයාගේ පෙම්වතා වන ක්‍රිෂ්ව ඇයගේ පෙම්වතා ලෙස යවන්න කැමති වෙනවා මේක ඉන්දුගේම යෝජනාවක් ප්‍රශ්ණයක් නේ….. කෙල්ලෙක් මෙහෙම තමන්ගේ කොල්ලව කැප කරයිද ? මේ වගේ දේකට අනික භූමි කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්නේ………

කොහොමෙන් කොහොමහරි ක්‍රිෂ් එයාගේ තාත්තට ලෝක සවාරියක යනවා කියලා බොරුවක් කියලා භූමිත් එක්ක ගමට යනවා එයාගේ පෙම්වතා විදියට… විවිධ හේතු සිදුවීම් එක්ක කතාව මෙහෙම ගලාගෙන යනකොට භූමිගේ හිතෙත් ක්‍රිෂ් ගැන ආදරයක් හටගන්නවා… ක්‍රිෂ් ඉන්දුව අතහරියිද ? ඉන්දු කියන්නේ කවුද ? එතන ඉඳලා කතාව කියන්න ඕනි නෑ නේද ? කුතුහලයක් තියෙන්නත් එපැයි… ඇත්තටම මේ කතාවේ ගොඩක් සංවේදී තැන් තියනවා ඇහැට කඳුළුත් එන මේක මුල ඉදන් අවසාන වෙනකම්ම ඇහැ බැඳගෙනම බලන්න පුළුවන්. මේක IMDB වල 7.1 ක රේට් එකක් අරගෙන තියනවා ඉතින් තව මොන කතාද ? කට්ටිය මේක අනිවාර්යෙන්ම බලන්න, දෙපාරක් හිතන්න එපා එලම එකක්. සයිස් එක ටිකක් ලොකු වුනත් හොඳ පැහැදිලි බ්ලූ රේ පිටපතක් දීලා තියෙන්නේ…

ඉතින් මම කරපු සබ් අරගත්ත… නොගත්ත… කමෙන්ට් කරපු… නොකරපු… ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මම කියවනවා ඒක තමයි ඉතින් තවත් ෆිල්ම් එකකට සබ් කරන්න මාව පොළඹවන්නේ සබ් කරන හැමෝටම ලැබෙන ගැම්ම ඒක තමයි කියලා මම හිතනවා. එහෙනම් මම ගිහින් එන්නම් හොඳේ….

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වරුණ රංගජිත් (Baiscopelk)
IMDb 7.1 /10 4,337 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Prakash Raj isBhanu Prasad
Bhanu Prasad
Srihari isSiva Prasad
Siva Prasad
Brahmanandam isBommarillu Father
Bommarillu Father
Mukesh Rishi isSurendra
Surendra
Ajay isBhumi's Cousin
Bhumi's Cousin
Kota Srinivasa Rao isDurga Prasad
Durga Prasad

Similar titles

The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 3 – Revenge of the Sith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badava Rascal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Forrest Gump (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Double Indemnity (1944) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love, Sitara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo Brathuke So Better (2020)  With Sinhala Subtitles
The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ED: Extra Decent (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manchi Rojulochaie (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham Knight (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published