EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bruce Almighty (2003) |සර්වබලධාරී බෲස්..

 

මේකයි සිද්ධිය, බෘස් නෝලන් කියල, වාර්තාකාරයෙක් ඉන්නවා. ඉතින් එයා හිතන පතන දේවල්, දෙවියෝ එයාට දෙන්නේ නෑ කියල හැමදාම එයා දෙවියන්ට දෙහි කපනවා! ඉතින් දෙවියන්වහන්සේට තරහ ගිහින්… බෘස්ව හමුවෙලා කතා කරලා.. දෙවියන්වහන්සේගේ බලය දෙනවා මේ බෘස්ට! ඒ දෙන්නේ, දෙවියන් කරන මේ රස්සාව කොයි තරම් නම් අමාරුද කියල බෘස්ට තේරුම් කරලා දෙන්නයි! ඉතින් බෘස් ඒ බලය පාවිච්චි කරලා සෑහෙන්න වැඩ ටිකක් කරනවා! ඔන්න ඕක තමයි ඉතින් මේ කතාවේ සාරාංශය!

2003 මැයි 23වෙනිදා ඇමරිකාවෙන් තමයි ප්‍රදර්ශනය පටන් අරන් තියෙන්නේ. IMDb මීටරේ 6.7ට කරකවන්න සමත් වෙලා තියෙනවා මේ ෆිල්ම් එක! ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කවුරුත් දන්නා, Jim Carrey. ෆිල්ම් එක පරණ වුණත්, ඒකෙන් දෙන අදහස නම් පරණ නැහැ! ඇත්තටම මේක හොඳ ආදර්ශමත්, හිනාවෙන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්.. ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ!

Comments

March 3, 2025

Tnx ♥️