EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cabin Fever (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Barry L. Caldwell, Eli Roth, Max Berryhill, Susan McGuire
Cast
Go Full Cast PageCabin Fever (2002) | මිනිසුන් බිලි ගන්නා වසංගතය
කොහොමද! 2016 ආපු Cabin Fever චිත්‍රපටිය ඔයාල බලලා ඇති. ඒක ප්‍රති නිර්මාණය වුණේ මේ චිත්‍රපටිය ඇසුරෙන්. ප්‍රධාන තේමාව ඇතුලත් චිත්‍රපටි 3ක් සමගින් මුළු චිත්‍රපටි 4ක් නිකුත් වෙලා තියෙනවා. මේක තමා 2002 වසරේ නිකුත් වුණ පලවෙනි චිත්‍රපටිය. IMDB අගය 5.6 ක් ලබාගෙන තියෙනවා. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hostel, Thanksgiving වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Eli Roth විසින්. ඔහුත් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Rider Strong, Jordan Ladd, James DeBello, Cerina Vincent සහ Koey Kerm කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඔයාලා Cabin In The Woods චිත්‍රපටිය බලලා ඇති. මේකත් යාන්තමට වගේ ඒකට සමානයි. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.
චිත්‍රපටියේ කතාව ගත්තොත් මෙහෙමයි: තරුණ යාළුවෝ පස් දෙනෙක් කොලේජ් එකේ අන්තිම දවසේ සතියකට කැබින් එහෙක නිවාඩුවක් ගත කරන්න යනවා. එයාලා යන කැබින් එක තියෙන්නේ ගම්මානයක් ළඟ කැලයක් ඇතුලේ. දවසක් කැබින් එකට රෑ අමුත්තෙක් එනවා. ඇඟ පත දිය වෙලා කුණු වෙච්ච මිනිහෙක්. තරුණයෝ එයාව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ. පස්සේ ඒ මිනිහා එයාලගේ වාහනේ ඇතුලට නගිනවා. ඒක හින්ඳා මිනිහට ගුටි කන්න වෙනවා. ඒ වගේම කලබල වුණ තරුණයෝ එයාට ගිනි තියනවා. ඉස්සරහට මොකද වෙන්නේ? බලලම දැනගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 18ට වැඩි අය බැලුවොත් වඩා හොඳයි. අනං මනං දේවල් ටිකක් තියෙන හින්ඳයි කියන්නේ. තව දෙයක් කියන්න හිතුනත් මං නොකියා ඉන්න තීරණේ කලා ඒක සුදුසු නැති හින්ඳා.










