EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Caddo Lake (2024) | කැඩෝ විලේ අභිරහස

 

 ඉතින් තවත් නවතම සුපිරි ගණයේ American, Drama, Mystery, Thriller ෆිල්ම් එකකට තමයි සබ් එකක් අරන් ආවෙ. අභිරහස් කතා වලට ප්‍රිය කරන රසිකයින්ට නම් අංක එකේ ෆිලුමක්. මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ. චිත්‍රපටය තමයි පසුගිය 2024 ඔක්තෝබර් 10 දින HBO Max හරහා නිකුත් වුනු Caddo Lake. අධ්‍යක්ෂනය සහ තිර රචනය Celine Held සහ Logan George යුවලගෙන්. රංගනයෙන් එකතු වෙනවා, අපේ “මේස් රනර්” කොලුවා, Dylan O’Brien (පැරිස්) සමග Eliza Scanlen (එලී), Caroline Falk (ඇනා), Lauren Ambrose (සෙලෙස්ටේ), සහ Eric Lange (ඩැනියෙල්). ධාවන කාලය විනාඩි 99 යි.

         ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි කියනවා එයා විලේ වෘකයන් දැක්ක කියල. නමුත් ටීචර් කියනවා ඒක කීයටවත් වෙන්න බෑ, මොකද දැන් ඒ පළාතේ වෘකයෝ ජීවත් වෙන්නෙ නෑ කියලා. කතාවෙ ප්‍රධාන චරිතය වෙන එලීගේ මිතුරිය, ක්ලෙයාර් කියනවා එයාටත් වෙලාවකට විලෙන් අමුතු සද්ද ඇහෙනවා කියලා. එලීගේ නංගි ඇනා බෙකට් විලෙන් අහුලන් එනවා විශාල සලබයන් වගයක්. වැඩිහිටියො කියන්නෙ උන් දැන් නෑ, වඳ වෙලා ගිහින් කියලා. මේ අතරෙ තමයි විල අසබඩ ජීවත්වෙන අවුරුදු 8 ක් වයසැති ඇනා බෙනට් කැඩෝ විලේදි අතුරුදහන් වෙන්නෙ. එහෙම හිතන්නෙ ඒ සමගම ඔවුන්ගෙ ඩිංගි බෝට්ටුවත් නැතිවෙලා හින්දා. ඇය කලිනුත් එක පාරක් බෝට්ටුවෙන් විලට ගිහින් තියෙනවා. කොහොම වුනත් අක්කර 26810 ක විශාලත්වයකින් යුතු, අතු දිය පාරවල් සහ දූපත් රාශියකින් සමන්විත කැඩෝ විලේ ඇයව සෙවීම ලේසි පහසු වැඩක් නෙමේ. ඇත්තටම ඇයට මොකද වුනේ? මීට වඩා නම් කියන්න යන්නෑ රජෝ! කැඩෝ විලේ මම අතරමන් වුනා වගේ ඔයාලත් අතරමන් නොවුනොත් ෆිල්ම් එකෙන් වැඩක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ, ආවාට ගියාට නම් මේ චිත්‍රපටය බලන්න එපා. වෙන්නෙ මොකද ඔයාලට හිතාගන්න බැරිවෙයි. සියලු වැඩ අත්හැර බලන්න. නැත්නම් ඔට්ටුයි ඔයාලට රිවයින්ඩ් කරලා නැවත බලන්න වෙනවා.

Comments

October 15, 2025

❤️