EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Canary Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bruno Štampalija, Pierre Morel, Yann Cuinet
Cast
Go Full Cast PageCanary Black (2024) | ලෝක විනාශයේ කප්පම
තවත් නවතම සුපිරි හොලිවුඩ් නිර්මාණයකට සිංහල උපසිරැසියක් අරගෙන තමයි subz.lk එකට ගොඩ වැදුනෙ. Action, Thriller, Drama කැටගරි වලට අයත්වෙන නන්ස්ටොප් ක්‍රියාදාමයක්. ඒ තමයි ජනප්‍රිය නිලි Kate Beckinsale ගෙ නවතම සිනමා ක්‍රියාන්විතය Canary Black. නිකුත්වුනේ 2024 ඔක්තෝබර් 24.
Kathrin Romany Beckinsale නොහොත් Kate Beckinsale කිව්වම නොදන්න සිනමා ලෝලියෙක් නෑනෙ. ඕන්නම් පොඩ්ඩක් මතක් කරල දෙන්නම්. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නා අතරතුර, 1993 දී Much Ado About Nothing චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි කේට් ඉන්පසු Prince of Jutland (1994), Cold Comfort Farm (1995), Emma (1996) යන සිනමාපට වලින් බ්‍රිටිෂ් සිනමාවේ තමාගෙ තැන ස්ථාවර කරගත්තා. අනතුරුව 1998 දී The Last Days of Disco චිත්‍රපටයෙන් හොලිවුඩය ආක්‍රමණය කල කේට් The Golden Bowl (2000), Pearl Harbor (2001), Serendipity (2001), The Aviator (2004), සහ Click (2006) යන නිර්මාණ හරහා තමාගේ තැන සටහන් කලා. ඉන්පසු ඇගේ රංගන ජීවිතයේ සංධිස්ථානයක් වුනේ 2006 වසරේ නිකුත්වුනු Underworld චිත්‍රපටය. ඇක්ෂන් සිනමාවට තමාට ඇති හුරුබුහුටිකම ඉන් එලි දැක්වූ ඇය ඉන්පසු Van Helsing (2004), Underworld: Evolution (2006), Underworld: Rise of the Lycans (2009), Whiteout (2009), Contraband (2012), Underworld: Awakening (2012), Total Recall (2012), Underworld: Blood Wars (2016) සහ Jolt (2021) යන චිත්‍රපට වලින් ඇක්ෂන් සුපර් ස්ටාර් කෙනෙක් බවට පත්වුනා.
Kate Beckinsale (ඇව්රි ග්‍රේව්ස්) සමග Canary Black රංගනයට එකතුවෙනවා Rupert Friend (ඩේවිඩ් බෘක්ස්), Ray Stevenson (ජාවිස් හෙඩ්ලන්ඩ්), Ben Miles (නේතන් එවන්ස්) සහ Goran Kostić (බ්‍රෙස්නොව්). ධාවන කාලය විනාඩි 101 යි.
CIA හි ඉහළම ක්‍රියාකාරිකයෙකු වන ඇවරි ග්‍රේව්ස්ගෙ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනවා. ඔහුව නිදහස් කරගැනීමට, ඇව්රිට සිද්ධවෙනවා තම රටට ද්‍රෝහිවෙන්න. මොකද ත්‍රස්තවාදීන් ඇයට කියන්නෙ CIA බාරයේ ඉන්න සිරකරුවෙක් ළඟ ඇති අති රහසිගත ෆයිල් එකක් ගෙනත් දෙන්න කියලා. ඒ තමයි කැනරි බ්ලැක්. මුලු ලෝකයම තුන්වෙනි ලෝක යුද්ධයකට ගෙන යා හැකි ෆයිල් එකක් තමයි මේ කැනරි බ්ලැක්. ඇයට මේ සඳහා ලැබෙන්නෙ පැය 9 ක කාලයක් විතරයි. තමාගේම කණ්ඩායම තමන්ව දඩයම් කරන්න එන පසුබිමක ඇයට සිද්ධවෙනවා ඇගේ පාතාල සබඳතා, ඇගේ අති නවීන පුහුණුව සහ ප්‍රාථමික සටන් කුසලතා මත පමණක් විශ්වාසය තියන්න.
මෙහි අසභ්‍ය දර්ශන නම් දශමයක්වත් නෑ.
Share
Links
Comments
October 29, 2024












