EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Careful What You Wish For (2015) |ඔබ බලාපොරොත්තු වන දේ පිළිබද ප්‍රවේශම් වන්න!

මේක ලස්සන ෆිල්ම් එකක්. ගිම්හාන කාලේදී නිමාඩුවක් ගතකරන්න යන කොල්ලෙකු වටා තමයි මේ කතාව ගොතිලා තියෙන්නේ. ඒ කොල්ලට අහම්බෙන් ලස්සන විවාහක කාන්තාවක් හම්බෙනවා. කොල්ලා එයත් එක්ක යාලු වෙනවා. ඒ කාන්තාව අතින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් මේ කොල්ල ඒ කාන්තාවට තියෙන ආදරේට ඒක හංගන්න උත්සහ කරනවා. විශේෂ කාන්තාවක් මේ ගැන පරීක්ෂණ කරන්න එනවා. මේ ඔක්කොම අහඹු දේවල් වගේ පෙනුනට කතාව අන්තිමට තමයි තේරෙන්නේ ඇත්තටම මොකද වෙන්නේ කියල.. ඇත්තටම සිද්ද වෙන්නේ ඔහුව උගුලකට අහුවෙන එක… ඔයාලත් බලලම තීරණය කරන්නකෝ මොකක්ද ඇත්තටම වෙන්නේ කියල.

මන් නම් හිතන්නේ මේකෙන් අපිටත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මොකද ඒ කොල්ලත් අපි වගේම සැහැල්ලුවෙන් ඉන්න එකෙක්නේ, වැඩිදුර හිතන්නේ නැති… 😉 මේකට IMDB 5.5ක rating එකක් තියෙනවා.. Isabel Lucas හා Nick Jonas ප්‍රදාන චරිත වලට පන පොවනවා. ඒ වගේම ත්‍රාසජනක වර්ගයේ චිත්‍රපටියක් වන මෙය මිනිත්තු 91ක දාවන කාලයකින් යුක්තයි.

Comments