EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Chak De! India (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bhavna Gautam, Karan Kashyap, Shimit Amin, Stephen Jensen, Vicky Vijay
Cast
Go Full Cast PageChak De India! (2007) | චක් දේ ඉන්දියා
මෙය ඉන්දියානු හොකී ක්‍රීඩාව අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් මින් ඉන්දියානු ජනතාවගේ මානසිකත්වය පිලිබදව පිලිඹිබු කෙරෙනවා. සුපිරි නළු ෂාරුක් ඛාන් තම සුපුරුදු ආදර රංගනයෙන් බැහැරව හොකී පුහුණුකරුවකු ලෙස වෙනස්ම වූ මානයක් ඔස්සේ සිය රංගන හැකියාව විදහා දක්වනවා. මෙම රංගනය ඔහුට 2007වසරේ හොඳම නළුවා සම්මානය හිමි කර දීමට සමත් වෙනවා.
ෆිල්ම් එක ගැන කියනවා නම් හිටපු ඉන්දීය හොකී කණ්ඩායම් නායකයකු වන කබීර් ඛාන් (ෂාරුක් ඛාන්) නැවතත් කලකට පසු ඉන්දීය කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරු ලෙස පැමිණෙනවා. ඔහු සටන් කරන්නේ ඉන්දියානු කණ්ඩායම පරාජය කල නොහැකි ශක්තිමත් කණ්ඩායමක් බවට පත් කිරීමටයි. කබීර් ඛාන් කියන්නේ තමන්ගේ ජීවිතය තුල විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දුන් කෙනෙක්. ඔහු වරක් නායකයා ලෙස තම කණ්ඩායම මෙහෙයවා අවසන් තරගය පරාජය වී මුළු රටේම නින්දාවට පාත්‍ර වූ අයෙක්. නමුත් ඔහු තුල දෙවියන් කෙරෙහි පවතින විශ්වාසයත් ආත්ම ශක්තියත් සමග රටේ කෝටි සංඛ්‍යාවක් වූ ජනතාවගේ ජනමතයට ඔවුන්ගේ ගතානුගතික විශ්වාසයන්ට එරෙහිව ඔහුට සිටිය හැකිද කියල අපි බලමු.
මේක කී සැරයක් බැලුවත් එපා නොවෙන Maxxa film එකක්. ෂාරුක් ඛාන් සතු රංගන හැකියාව ප්‍රදර්ශනය කල හැකි විශිෂ්ට නිර්මාණයක් ලෙස හදුන්වන්න පුලුවන්. සම්පූර්ණ කාලය පුරාවටම එක හුස්මට බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්…


