EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ශූරයා

සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම ඔන්න ද මම අරගෙන ආවේ තෙලුගු සිනමාවෙන් 2025 දෙසැම්බර් 25 වන දින තිරගත වුණු champion චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි

කතාව නම් පැය දෙකයි විනාඩි 46 වගේ කාලයක් පුරා දිගහැරෙනවා
හරි ඉතින් අපි යමුකෝ කතාව පැත්තට මොකද්ද වෙන්නේ කියලා බලන්න

ඉන්දියාවේ එවක 1947 දී මුළු ඉන්දියාවටම නිදහස ලැබුණත් හයිද්‍රාබාද් ප්‍රාන්තයට නිදහස ලැබෙන්නේ නෑ මොකද ඒ ප්‍රාන්තය පාලනය කරපු මුස්ලිම් වරු හයිද්‍රාබාද් යනුවෙන් පාකිස්තානය මෙන් වෙනම ස්වාධීන රාජ්‍යක් වෙනුවෙන් සටන් කරා…මෙහි ආරම්භකයා වුනේ කාසිම් රස්වි කියලා හඳුන්වන ගොඩක් අධාර්මිෂ්ඨ පාලකයෙක් ඉතින් මේ ඉලක්කය සපුර ගන්න ඔහුට විරුද්ධ වෙන හැම ගමක්ම මිනිහෙක්ම මරා දමන්න තරම් මේ පාලකය කුරිරු වෙනවා ඉතින් මේ හයිද්‍රාබාද් නිසාම්ගේ පාලන සමයේදී පෞද්ගලික හමුදාවක් වුණ රසාකර්වරුන්ට එරෙහිව කැරැල්ලක් දියත් කරන්න තෙළංගානා භෛරාන්පල්ලි කියලා ගමක් සමත් වෙනවා මේ ගමේ මිනිස්සු මේ නිසාම් පාලකයටත් එයාගේ පෞද්ගලික හමුදාව වුණ රසාකර්වරුන්ටත් විරුද්ධව සටන් කරන්න තරම් නිර්භීත වෙනවා

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ප්‍රදීප් අද්වයිතම් තමන්ගේ චැම්පියන් චිත්‍රපටය සඳහා පසුබිම කරගන්නේ මේ භෛරාන්පල්ලි කියන ගමේ සිදු වුණු ඓතිහාසික කැරල්ලක් තේමා කරගෙන එහි ඉතිහාසයට කිසිදු හානියක් නොවන ලෙස මේ කතාව නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා
ඉතින් මේ කතා වස්තුවට රංගනයෙන් දායක වන අය අතරට Roshan meka,Anaswara Rajan,Nandamuri kalyan Chakravarthy,Kay kay menon,VK naresh ,Veennela kishore යන අය එකතුවෙනවා

චැම්පියන් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන මයිකල් විලියම්ස් කියන පාපන්දු ක්‍රීඩකයා වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ…එයාගේ හීනය වෙන්නේ කොහොමහරි ඉන්දියාවෙන් පිටවෙලා ලන්ඩන් මැන්චෙස්ටර් පාපන්දු ක්ලබ් එකට ඇතුළත් වෙලා ඒ කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරන්නයි

හැබැයි තමන්ගෙ පියා බ්‍රිතාන්‍යන්ට එරෙහිව සටන් කරපු සොල්දාදුවෙක් උන නිසා මයිකල්ට ලන්ඩනයට යාම තහනම් වෙනවා..ඒත් ලන්ඩන් යන්න මයිකල්ට තව චාන්ස් එකක් ලැබෙනවා හැබැයි එයාට ඒකට එක ගනුදෙනුවක් කරන්න පිළිගන්න වෙනවා ඒක තමයි රසාකර් හමුදාවට හොරෙන් ගනුදෙනුවේදී ලබාදුන් භාණ්ඩ ඇණවුම් කරපු පුද්ගලයට ගිහින් ලබා දීලා මුදල් රැගෙන එන්න ඕන…ඉතින් මේකට වෙන විසඳුමක් නැතුව කැමති වුණ මයිකල් ආයුධත් අරගෙන තමන්ගේ යාළුවා වුණ ශබීර්ගේ සහයත් ඇතිව ගමන ගන්නවා…ඔහොම යනකොට අනපේක්ශිත විදියට මයිකල්ට භෛරාන්පල්ලි කියන ගමට යනවා.මේ වෙලාවෙදී තමයි අපේ කතා නිළිය සම්භන්ද වෙන්නේ .කලාවතී කියන අපේ කතානිළිය ගමේ අය එක්ක එකතුවෙලා වේදිකා නාට්‍ය ලියලා ඒවා රඟ දක්වමින්,රසාකර්වරුන්ගේ පීඩන වලට මුහුණ දෙමින් සටන් කරනවා…..මේ ගමන තුළින් මයිකල්ට තමන්ගේ ආයුධ ගනුදෙනුව සම්පූරණ කරන්න පුළුවන් වුණාද? ඒ අතර වාරයේ මුහුණ දෙන්න වුණ අභියෝග මොනවද ? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මේ චැම්පියන්ගේ කතාව බලන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා

Comments