EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chekka Chivantha Vaanam (2018) | පවුල අවුල කළ බල පොරය..

මේක මැර පවුලක කතාවක්..ලොකුම බලවතා තමයි සේනාපති. දවසක් සේනාපතිව සැලසුම් සහගත විදියට ඝාතනය කරන්න හදපු තැතකින් ඔහු අනූ නවයෙන් බේරෙනවා. මේ සිද්ධියත් සමග තැන් තැන් වල හිටපු එයාගේ පුතුන් තුන් දෙනා වන වරතන්, එතී සහ ත්‍යාගු එකතු වෙනවා. ඒ වන විට පොලීසියේ රාජකාරිය කරමින් සිටි සේදුපති සහ වරතන් අතර තිබුණු දැඩි මිත්‍රත්වය නිසා ඔවුනට ඉතා හොඳ හෝඩුවාවල් ලැබෙන්න පටන් ගන්නවා. ඒ අනුව සොයා බලනකොට තමයි දැනගන්න ලැබෙන්නේ චින්නප්පදාසන් නැමති තවත් ප්‍රබල මැරයෙක් මේ ඝාතන සැලසුමට සම්බන්ධ බව. නමුත් චින්නප්පදාසන්ගෙන් පලිය ගන්නේ කවුද? යන ප්‍රශ්නයේදී ඉතා විශාල අර්බුදයක් මේ පවුල තුළ පැන නැගෙනවා. ඔය අතර සුව වෙමින් සිටි තම පියාගේ හදිසි අභාවයත් සමග මේ අර්බුදය විශාල බල පොරයක් බවට පත් වනවා. එම බල පොරය නිසා සහෝදරයින් තෙපල අතර ඇතිවූ ඝට්ටනයන් , එහි අවසානය කුමක් වූයේද සහ මෙය විසඳීමෙහි ලා සේදුපතිගේ කාර්යභාරය කුමක්ද යන්න තමයි මේ ෆිලුමේ කතාව..

 

Comments