EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Chinnadana Nee Kosam (2014) | බලාපොරොත්තුව..

නම තමයි Chinnadana Nee Kosam (2014) මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ N. Sudhakar Reddy, Nikita Reddy යන දෙන්නා…අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ A. Karunakaran විසින් මේකෙ ප්‍රධාන නලුවා නම් හැමෝම වගේ දන්නවා ඒ තමයි Nithin මෙයාගේ (Heart Attack, Gunde Jaari Gallanthayyinde) චිත්‍රපටි බලලා තියෙනවනේ. විශේෂත්වයකට තියෙන්නේ මෙයා මේ චිත්‍රපටියේ රඟපාන්නෙත් Nithin නමින්ම තමයි… ඒත් නිලිය නම් ශේත්‍රයට අලුත් කෙනෙක් නම Mishti. මේකට IMDB මීටරෙන් 5.5 අගයක් ලැබිලා තියෙනවා. මේකෙ දාවන කාලය විනාඩි 140.. මේ ඇතිනේ දැන් කතාව ගැන කියන්නම්.

මේ කතාවනම් වෙනස් කතාවක්. එක්තරා බලාපොරොත්තුවක් සපල කරගන්න ඉන්දියාවට එන කෙල්ලෙක්. මෙයාගේ එකම බලාපොරොත්තුව ඒක විතරයි ඒත් නිතින්ගේ බලාපොරොත්තුව ඒ කෙල්ලව තමන්ගේ කරගන්න. ඒත් ආදරයේ කියන වචනයේ තේරුමවත් දන්නෙ නැති මේ කෙල්ලට නිතින් ආදරය කරනවා ඒත් මේ කෙල්ල ආපු දේ කරගන්න නිතින්ව ඉත්තෙක් කරගන්නවා. පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙනවා ඉතින් ඒ ප්‍රශ්නෙට නිතින් කොහොම මූණ දෙයිද? කවුද මේ කෙල්ල? ඇයි එයා ඉන්දියාව ආවෙ? මොකක්ද මෙයාගේ බලාපොරොත්තුව? නිතින්ට මේ කෙල්ල ආදරය කරයිද? ක්‍රියාදාමයන්. තියෙන කුතුහලයෙන්. බඩකට පුරා හිනාවෙවී ඉන්න මෙන්න Chinnadana Nee Kosam.

Comments